විශ්වය තුල අපට හිමි තැන – මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් සමග

මහනුවර ජාතික මූලික අධ්‍යන ආයනතනයට වසර හතලිහක් පිරීමේ සංවත්සරයට සමගාමීව මාර්ගගත දේශන මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 17 වන දින ප.ව. 2.30 දේශනය සිදු කරනු ලබන්නේ බකිංහැම් විශ්ව විද්යාලයේ සම්මානනීය මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් විසිනුයි. පෘථිවියේ ජීවයේ සම්භවය පිලිබඳව වන පැන්ස්පර්මියා වාදය හෙවත් පිටසක්වලින් ජීව අණු පැමින ජීවය හටගැනීම පිලිබඳව වන සංකල්පයේ පුරෝගාමි විද්‍යාඥයකු ලෙස මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ හැඳින්විය හැකියි.

ඔහු මෙම මතය ඉදිරිපත් කරනුයේ කීර්තිමත් තාරකා විද්‍යාඥ්යකු වන ෆ්‍රෙඩ් හොයිල් සමගයි. පැන්ස්පර්මියා වාදය පිලිබඳව පර්යේශන පත්‍රිකා ගනනාවක් ප්‍රකාශයට පත් කර ඇති ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ අරලගන්විල ප්‍රදේශයට පතිත වූ උල්කාශ්මයේ අඩංගු වූ ජීවී ද්‍රව‍ය හඳුනාගැනීමේ පර්යේශන කටයුතු වලද නිරත වී තිබෙනවා.

මෙවර දේශනය මාතෘකාව වන්නේ විශ්වය තුල අපට හිමි තැන: සංස්කෘතික හා ජනාවාසකරනය පිලිබඳ භූමිකාව යන්නයි. මෙම දේශනයට පහත සබැඳිය ඔස්සේ සජීවිව නොමිලයේ සහභාගී වීමේ හැකියාව ඔබට පවතිනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )