හැලෝවීන් රැයේ දුටු මනරම් උත්තරාලෝක

Image credit: Yelena Vereshchaka\TASS via Getty Images

සූර්ය කුණාටු පිලිබඳව මෙන්ම එහි බලපෑම් පිලිබඳව විස්තරාත්මක ලිපියක් පසුගිය දිනක තරුපුවත් තුලින් ගෙන ආ බව ඔබට මතක ඇති. එම ලිපියට මෙම සබැඳියෙන් පිවිසෙන්න. පසුගිය ඔක්තෝබර් 28 වන දින සූර්යා මතුපිට බලසම්පන්න X1 වර්ගයේ ගිනි සිලුවක් හටගත් අතර ඒ නිසා මුදාහැරුන ආරෝපිත අංශු හේතුවෙන් හැලෝවීන් රාත්‍රිය හෙවත් ඔක්තෝබර් 31 දිනයේ G3 කාණ්ඩයේ භූ චුම්භක කුණාටුවක් හටගත්තා. මෙම ආකාරයේ භු චුම්භක කුණාටුවකින් විද්‍යුත් සන්නිවේදන කාර්යන් සඳහා සිදුවන්නේ ඉතා අවම බලපෑමක්. නමුත් ඒ හේතුවෙන් උත්තරාලෝකයන් හෙවත් අවුරෝරා බොහෝමයක් ධ්‍රැවාසන්න ප්‍රදේශ වලින් වාර්තා වී තිබුනා. මේ වන විට සූර්යා පසුවන්නේ සිය එකොලොස් වසරක සූර්ය චක්‍රය ආරම්භයේයි. මීට පෙර ජූලි මාසයේද X කාණ්ඩයේ ගිනි සිලුවක් සූර්යා මතුපිට නිරීක්ශනය කරනු ලැබුවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )