නාසා ආයතනය මගින් LADEE අභ්‍යවකාශ යානය රැගත් Minotaur V රොකට්ටුව දියත් වන මොහොතේම යානය දෙසට පනින ගෙම්බකු ස්වයංක්‍රීයව සටහන් වී තිබුනේ මෙසේයි. මෙම සිදුවීම සිදුවූයේ නාසා ආයතනයේ වැලෝප්ස් අභ්‍යවකාශ ගුවන් තොටුපලේදීයි. මීට යාබදව අක්කර 373ක වන රක්ශිතයක් පවතින අතර එය විවිධ පක්ශීන් සහ ජීවී විශේශ රැසකම නිවහන බවට පත්ව තිබෙනවා. මෙම ඡායාරූපයේ සිටින්නේ සත්‍ය ගෙම්බකුම බව නාසා බලධාරීන් තහවුරු කර තිබෙනවා. මෙම ඡායාරුපයෙන් පසු ගෙම්බාගේ ඉරණම කුමක් වීද යන්න තවමත් වාර්තා වී නැහැ.
මීට පෙර අවස්තාවකද 2009 වසරේදී පලතුරු වවුලකු ඩිස්කවරි අභ්‍යවකාශ ශටලයේ බාහිර ටැංකියක එල්ලී ගුවන් ගත වූ අතර යානය ඉහල වායුගෝලය වෙත පිවිසීම සමග ඌ මරණයට පත්වන්නට ඇතැයි නාසා බලධාරීන් විශ්වාස කරනවා.