පෘතුවිය බේරාගැනීමට, ඩාට් (DART) මෙහෙයුම !

පෘතුවියට මතට ඇස්ටරෝයිඩයක් පතිතවීමක් සිදුවියහැකි අවදානම් මොහොතකදී එය වලක්වාගැනීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව NASA ආයතනය පර්යේෂණ සිදුකරමින් පවතිනවා. ඩාට් මෙහෙයුමත් එවැනි පර්යේෂණ මෙහෙයුමක්.

මෙහිදී “ඩයිඩිමෝස්‌” ලෙසින් නම්කෙරුණු ඇස්ටරෝයිඩ යුග්මය (Didymos Binary) වෙත කුඩා චන්ද්‍රිකා යුගලයක් යැවෙනු ඇත. එක් චන්ද්‍රිකාවක් මෙහෙයුම වාර්තා කිරීමට භාවිතාවනු ඇති අතර අනෙක එක් ඇස්ටරෝයිඩයක් මත ගැටීමට සලස්වනු ඇත. විද්‍යාඥයින් බලාපොරොත්තුවන්නේ එවැනි ඝන්ටනයකින් සිදුකළහැකි වේගය, දිශාව වෙනස්කිරීමට ඇති හැකියාව මැනගැනීමයි.

එම ඇස්ටරෝයිඩ යුග්මයේ විශාලම ඇස්ටරෝයිඩය මීටර 780ක් පමණ වන අතර ඒ වටා කක්ෂ ගතවී ඇති චන්ද්‍ර ඇස්ටරෝයිඩය මීටර 160ක් පමණ වේ. මෙම මෙහෙයුමේදී එහි කුඩා චන්ද්‍ර ග්‍රහකය ඉලක්ක කරගෙන පර්යේෂණ සිදුකෙරෙනු ඇතිබවටයි PDCO (Planetary Defense Coordination Office) ආයතනය වාර්තා කරන්නේ.

මෙවැනි සිදුවීමක් පිළිබඳව කලෙකට ඉහතදී නිර්මාණය වුනු හොලිවුඩ් සිනමා පටයක් වන “ආමගෙඩොන්”(Armageddon) පිළිබඳවද මේ සමගම අවධානය යොමුවී තිබෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )