
අඟහරු මත ක්‍රියාත්මක වන ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරයේ භ්‍රමන වේගය පිලිබඳ සිදුකිරීමට ගිය පරීක්ශනයක් අතරමැද නවතා දමා තිබෙනවා. එය සාමාන්‍යෙන් ක්‍රියාත්මක වන තත්පරයට වට 2537ක වේගයට වඩා ඉහල 2700 වේගයකින් එය ක්‍රියාත්මක කිරීමට නියමිතව පැවතුනා. අඟහරු මත සිදුවන සෘතු විපර්යාසයන් හා සමගාමීව එහි වායුගෝලය තරමක් තුනී වී පැවතීම හේතුවෙන් හෙලිකොප්ටරය ගුවන් ගත වීම සඳහා ඉහල භ්‍රමන සීඝ්‍රතාවයකින් එය ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය වනවා. සැප්තැම්බර් 15 හෙලිකොප්ටරයේ තල මිනිත්තුවට වට 2800 කින් භ්‍රමනය කිරීමේ පරික්ශාවක් සාර්ථක වුවත් සැප්තැම්බර් 18 පරීක්ශනය සාර්ථක වූයේ නැහැ. මීට හේතු වූයේ හෙලිකොප්ටරයේ ගුවන් ගමන් පාලක සර්වෝ මෝටර දෙකක ඇතිවූ අසාමාන්‍ය තත්වයකුයි. මීට හේතුව තවමත් අනාවරනය වී නැහැ.