
සැප්තැම්බර් 15 වන දින අභ්‍යවකාශගාමින් හතර දෙනෙක් සහිතව දියත් කරන ලද ස්පේස් X ආයතනයේ Inspiration-4 මෙහෙයුම ගැන ඔබ දැනටමත් බොහෝ තොරතුරු දැනගෙන ඇති. නමුත් දින තුනක් පුරාවට ගමන් කරනු ලබන මෙම අභ්‍යවකාශ යානය දුරදක්නයක් හෝ දෙනෙතියක් රහිතව පියවි ඇසින් නිරීක්ශනය කරන්නට පුලුවන් බව ඔබ දැන සිටියාද? space.com වෙබ් අඩවියට අනුව ඩ්‍රැගන් අභ්‍යවකාශ යානයේ දෘශ්‍ය විශාලනය +1.6 පමන වනවා. මෙය වෘශ්චික තාරකා මණ්ඩලයේ Shaula තාරකාවට සමාන දීප්තියකින් යුක්ත වනවා. මීට අමතරව අභ්‍යවකාශ යානයේ දීප්තියට එහි කක්ශයේ පිහිටුමද බලපානු ලබනවා. N2YO.com වෙබ් අඩවිය මගින් පහසුවෙන්ම ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය ඔබට ඉහලින් ගමන් කරන කාලයන් පිලිබඳ අනාවැකි ලබා ගන්නට පුලුවන්. එමෙන්ම ස්පේස් X ආයතනයේ මෙම සබැඳිය මගින්ද සජීවී ව අභ්‍යවකාශ යානයේ පිහිටුම ලබාදෙනු ලබනවා. සැප්තැම්බර් 18 දින වනතුරු ඔබට ඩ්‍රැගන් අභ්‍යවකාශයානය පියවි ඇසින් නිරීක්ශනය කිරීමේ මෙම අවස්ථාව උදා කර ගැනීමේ හැකියාව තිබෙනවා.