
වසර විස්සකට පෙර, එනම් 2001 සැප්තැම්බර් 11 එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වෙනුවෙන් ශෝකය පල කිරීමට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ද එක් වුනා. මේ සඳහා මේ වන විට එහි සිටින ඇමරිකානු, රුසියානු, ජපාන සහ ප්‍රංශ ගගනගාමීන් සහභාගි වුනා. 9/11 ප්‍රහාරය සිහිපත් කිරීමට නාසා ආයතනය මීට පෙර 2001 වසරේ එන්ඩේවර් අභ්‍යවකාශ ශටලය සමග ඇමරිකානු කොඩි 6000 අභ්‍යවකාශ ගතකරනු ලැබූ අතර පසුව එම කොඩි ප්‍රහාරය නිසා විපතට පත්වූවන්ගේ පවුල් වෙත බෙදා හරිනු ලැබුවා. එමෙන්ම ස්පිරිට් සහ ඔපර්චුනිටි අඟහරු රෝවර වල කේබල් ආවරන නිපදවා තිබෙන්නේ කඩාවැටුනු ලෝක වෙලඳ මධ්‍යස්ථානයෙන් ප්‍රතිචක්‍රීයකරනය කරන ලද ඇලුමිනියම් යොදා ගනිමිනුයි.