ක්ෂීරපථයට ආලෝක වර්ශ 210,000 දුරින් පිහිටා තිබෙන කුඩා මැගලන් වලාවේ නව තාරකා උපදින තරු පොකුරක් නිරීක්ශනය කිරීමට හබල් දුරදක්නය සමත් වී තිබෙනවා. NGC 346 ලෙස නම් කර ඇති මෙම තරු පොකුර තරුණ නිල් පැහැති තාරකා, වායු සහ ධූලි වලාකුලු වලින් පිරී පවතින ප්‍රදේශයක් වනවා. ගතික ස්වභාවයක් පෙන්නුම් කරන මෙම තරු පොකුරේ නිරන්තරයෙන්ම නව තාරකා උපදින ස්ථානයක් ලෙස තාරකා විද්‍යාඥයන් අතර ප්‍රසිද්ධ වී පවතිනවා.