
ඇමරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවේ පර්යේශනයක් උදෙසා ගුවන්ගත කරන ලද ඇස්ට්‍රා 3 රොකට්ටුවේ මෙහෙයුම, ගුවන්ගතවී මිනිත්තු දෙකහමාරක් තුල අවලංගු කරනු ලැබුවා. මෙය ගුවන්ගත කරනු ලැබුවේ ඇලස්කාවේ කෝඩියැක් දූපතේ සිටයි. ආරම්භයේ සිටම ගුවන් ගත කිරීම දෝශ සහිත බව හඟවමින් රොකට්ටුව දියත් වූයේ පොලවට සමාන්තරවයි. සුලු වේලාවකින් තම ගමන් මග නිවැරදි කරගත්තද පෘථිවියෙන් කිලෝමීටර 33 පමණ ඉහලට ගමන් කල පසු මෙහෙයුම නවතා දැමීමට කටයුතු කරනු ලැබුවා. මීට පෙර අගෝස්තු 27 වන දින සිදු කිරීමට නියමිතව පැවති රොකට්ටු දියත් කිරීමද අවලංගු කිරීමට සිදුවූයේ එහි එන්ජිමේ ජ්වලන පද්ධතියේ දෝශයක් ඇතිවීම හේතුවෙන්. මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හෝ දේපල හානියක් වාර්තා වී නෑ.