චීනයේ ෂුරොන්ග් අඟහරු රෝවරයේ මෙහෙයුම් අවසන්

තවදුරටත් අඟහරු පෘෂ්ඨය මත හොඳින් ක්‍රියාත්මක කළ හැකි වුවත්, කලින් සැලසුම් කළ පරිදි චීනයේ ෂුරොන්ග් අඟහරු රෝවරයේ මූලික මෙහෙයුම් කාලය මේ සති අන්තයේදී අවසන් වීමට නියමිතය.

ෂුරොන්ග් රෝවරය සැලසුම් කර ඇත්තේ මාස තුනක ආයු අපේක්ෂාවෙනි. එහි මූලික මෙහෙවර වූයේ අඟහරු පෘෂ්ඨයේ ජල අයිස්වල සලකුණු සෙවීම, කාලගුණය නිරීක්ෂණය කිරීම සහ මතුපිට සංයුතිය අධ්‍යයනය කිරීමයි.

මෙම මෙහෙයුමේදී පෘථිවිය සමග දුරස්ථ සන්නිවේදන සම්බන්ධතා සපයන ටියැන්වෙන්-1 ඕබිටර් යානය අඟහරු පෘෂ්ඨය පිළිබඳ දුරස්ථ සංවේදනය ආරම්භ කිරීමට සහ අඟහරු වායුගෝලය තක්සේරු කිරීමට සිය කක්ෂය වෙනස් කිරීම සඳහා සූදානම් වෙයි. එහි මෙහෙවර ආයු අපේක්ෂාව අවම වශයෙන් වසරක් බව කියයි.

බිජිං නුවර සිට ක්‍රියාත්මක මෙහෙයුමේ පාලකයන් පවසන්නේ රෝවරය සහ ඕබිටර් යානය යන දෙකම හොඳ තත්ත්වයේ පවතින අතර, තවමත් හොඳින් ක්‍රියාත්මක වන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )