අභ්‍යවකාශගතවූ සිසිල් බීම

ලොව විශාලතම සහ පැරණිම වෙලඳසැල් ජාලයක් වන සෙවන් ඉලෙවන් සමාගම පසුගිය දිනක තම 94වන සංවත්සරය සැමරුවා. ඒ අතර බැලූනයක් සහ කැමරාවක් භාවිතා කරමින් ඔවුන් කොකා කෝලා ස්ලර්පී සිසිල් බීම භාජනයක් අභ්‍යවකාශ ගත කරුනු ලැබුවා. හීලියම් පුරවන ලද බැලූනය සහිත මෙම සිසිල් බීම බඳුන ගුවන්ගත කරන ලද්දේ එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ සිටයි.

අභ්‍යවකාශ ගත වූ සිසිල් බීම
අභ්‍යවකාශ ගත වූ සිසිල් බීම බඳුන credits: 7-eleven

මෙය සිසිල් බීම අභ්‍යවකාශ ගතවූ මුල්ම අවත්ථාව නෙවෙයි. 1985 වසරේ 19වන ශටල මෙහෙයුම හෙවත් STS-51F මෙහෙයුමේදී විශේෂයෙන් සකස් කරන ලද කොකා කෝලා පානය කිරීමට අභ්‍යවකාශගාමීන්ට අවස්ථාව ලැබුනා. විශේෂිත බඳුන් වල තැන්පත් කොට තිබූ මෙම බීම සිසිල් බීමක් වෙනුවට භාවිතා කරන්නට සිදුවූයේ උණුසුම් බීමක් ලෙසයි. එමනිසා එයට අභ්‍යවකාශගාමීන්ගේ වැඩි ප්‍රසාදයක් හිමි වුනේ නෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )