මේ දිනවල අහසේ පර්සියුස් තාරකා රාශියට ආසන්නයෙන් දැකගත හැකි පර්සීඩ් උල්කාපාත වර්ෂාව තාරකා විද්‍යා රසිකයන්ගේ මහත් අවධානයට ලක්වී තිබෙනවා. ඒ මෙතරම් උල්කාෂ්ම සහිත පර්සීඩ් උලක්ෂ්ම වර්ෂාවක් නැවතත් ඔවුන් හට දැකගැනීමට හැකිවන්නේ තවත් වසර දෙකකින් පමණ වන බැවිනි. නාසා ආයතනය පවසන ආකාරයට පැයකට උල්කාෂ්ම 40ක් පමණ නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත.
අගෝස්තු 11 සහ අගෝස්තු 12 දිනවල උපරිම උල්කාෂ්ම ප්‍රමාණයක් දැකගත හැකිවන අතර ඒවා නිරීක්ෂණයට වඩා සුදුසු වෙලාව වනුයේ හිමිදිරියේ 4 ත් 5 ත් අතර වනබවටයි වාර්තාවන්නේ.
තාරකා ජයාරූප ශිල්පීන් විසින් ඊයේ දිනයේදී (2021-08-12) ලබාගත් ජයාරූප කිහිපයක් පහතින් දැක්වේ.