චන්ද්‍රයකුගේ බිහිවීම පළමු වරට නිරීක්ෂණය කරයි!

අටකාමා දුරේක්ෂ සංකීර්නයේ (ALMA) පර්යේෂකයන් පිරිසක් විසින් පළමු වරට සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක් වටා ඇති දුහුවිලි මගින් නිර්මාණය වුනු තැටියක් නිරීක්ෂණය කර ඇත. ඒ ආලෝක වර්ෂ 400 ක් පමණ දුරින් පිහිටා ඇති PDS-70 ලෙස නම්කර ඇති පද්ධතියේය. එම පද්ධතිය මධ්‍යයේ තාරකාවක් සහ එය වටා ගමන් කරන ග්‍රහයන් දෙදෙනෙකු (PDS-70b, PDS-70c) ඇත. එයින් PDS-70c ලෙස නම්කර ඇති බ්‍රහස්පති වැනි ග්‍රහයා වටා මෙම දුහුවිලි තැටිය පිහිටා ඇත. එය සෙනසුරුගේ වළලු මෙන් 500 ප්‍රමාණයක් පමණ විශාල බවත් මෙම ග්‍රහලෝක පද්ධතිය තවමත් ගොඩනැගීමේ ආරම්භක අවධියේ පසුවන අතර එම දුහුවිලි තැටිය චන්ද්‍රයින් තුන්දෙනෙක් පමණ බිහිකිරීමට ප්‍රමාණවත් ස්කන්ධයකින් සමන්විත වන බවත්, එම තැටියේ විෂ්කම්භය දල වශයෙන්, හිරු සහ පෘතුවිය අතර ඇති දුර තරම් වන බවත් පර්යේෂකයින් පවසයි

තාරකා විද්‍යාඥයින් අභ්‍යවකාශයේ ඇති තාරකා වටා පිහිටි එවැනි තැටි මින් පෙරද නිරීක්ෂයනය කර තිබුනද, මෙලෙස ග්‍රහලෝකයක් වටා ඇති පිහිටීමක් පැහැදිලිවම නිරීක්ෂණය කර ඇත්තේ පළමු වරටයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )