බ්ලූ ඔරිජින් සමාගමද පුද්ගලික අභ්‍යවකාශ චාරිකා තරඟයට එක්වෙයි

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ජෙෆ් බේසොස් ගේ බ්ලූ ඔරිජින් සමාගම තම ප්‍රථම මානව උපකක්ශීය අභ්‍යවකාශ ගමන ජුලි 20 වන දින සිදු කලා. නිව් ශෙපර්ඩ් යනුවෙන් හැඳින්වෙන මෙම ස්වයංක්‍රීය අභ්‍යවකාශ කැප්සියුලයෙන් ජෙෆ් බේසොස්, ඔහුගේ සහෝදරයා වන මාර්ක් බේසොස්, වොලී ෆන්ක් සහ 18 හැවිරිදි භොතික විද්යා ශිෂ්‍යයෙකු වන ඔලිවර් ඩේමන් අභ්‍යවකාශ ගත වුනා. මෙය සති දෙකක් තුල සිදුකල දෙවන පුද්ගලික අභ්‍යවකාශ සංචාරයයි. නිව් ශෙපර්ඩ් යානය නම් කර ඇත්තේ නාසා ගගනගාමී ඇලන් ශෙපර්ඩ් සිහි වීම පිණිසයි. ඔහු ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම උපකක්ශීය අභ්‍යවකාශ ගමන සිදුකල පුද්ගලයා වන අතර එය සිදුකරන ලද්දේ 1961 වසරේ දීයි.

බ්ලූ ඔරිජින් හි සංචාරය සඳහා ටිකට්පතකට වැයවන මුදල ඇමරිකානු ඩොලර් $250,000 පමන වනවා. මෙම ගමනකදී මිනිත්තු කිහිපයක කාලයකට ශුන්‍ය ගුරුත්වය අත්විඳීමට හැකියාව ලැබෙන අතර අභ්‍යවකාශයේ සිට පෘථිවිය නැරඹීමේ අවස්තාවද හිමි වනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )