
අභ්‍යවකාශ සංචාරක ක්ශේත්‍රයේ නව පිටුවක් පෙරලමින් වර්ජින් සමාගමේ VSS යුනිටි යානය ජුලි 11 වන දින අභ්‍යවකාශ ගත කරනු ලැබුවා. එයට සමාගමේ හිමිකරු වන බිලියනපති රිචඩ් බ්‍රැන්සන් සහ තවත් කාර්‍යමණ්ඩල සාමාජිකයන් කීපදෙනෙකුම ඇතුලත් වුනා. පෘථිවියට කිලෝමීටර 86 හෙවත් අඩි 282,000 ඉහලින් වූ උප කක්ශයකට ලඟාවීමට මෙහිදී හැකියාව ලැබුන අතර මිනිත්තු කිහිපයක කාලයකට ශුන්‍ය ගුරුත්වය අත්දැකීමටද හැකියාව ලැබුනා. මේ වන විට වර්ජින් සමාගමේ අභ්‍යවකාශ සංචාරය සඳහා වන ටිකට්පතක මිල ඇමරිකානු ඩොලර් $250,000 වනවා. පුද්ගලික අභ්‍යවකාශ ක්ශේත්‍රයේ දැවැන්තයන් වන ස්පේස් X සමාගමේ ඉලෝන් මස්ක් සහ බ්ලු ඔරිජින් සමාගමේ ජෙෆ් බේසොස් ද බ්‍රැන්සන් වෙන සුභ පැතුම් පණිවුඩ නිකුත් කර තිබෙනවා.