2004 වසරේ ඉන්දියානු සාගරය ආශ්‍රිතව සිදුවූ, සුමාත්‍රා අන්දමන් භූ චලනය හේතුවෙන් හටගත් සුනාමි ඛේදවාචකය නිසා, තිස් දහසකටත් වඩා අධික ජීවිත සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට අහිමි වුනා. එම සිදුවීමට පෙර සමයේ සුනාමි යන වදන පවා ශ්‍රී ලාංකිකයන්ට ආගන්තුක වූ අතර, ඉතිහාසයට අනුව මෙබදු මුහුදු ගොඩගැලීමක් මීට පෙර වාර්තා වී තිබුනේ ක්‍රිස්තු පූර්ව දෙවනි සියවසේ, කැළණිතිස්ස රජ සමයේදීයි. ඉතිහාසය තුල අප රටට බලපෑ ප්‍රබල සුනාමි අනතුරු තත්වයන් ගනනින් විරල වුවද, සාගරයෙන් වටවූ ගොඩබිමක් ලෙස අපරටට ඇතිවිය හැකි සුනාමි අවදානම සුලුකොට තකන්නට කිසිසේත් හැකියාවක් නෑ. මෙයාකාරවම වැඩිදෙනෙක් නොදන්නා නමුත්, ලෝකයේ ඕනෑම ස්ථානයකට ප්‍රබල ලෙස බලපෑම් කල හැකි අවදානමක් පිලිබද පූර්ව දැනුවත් කිරීමකටයි මේ ලිපියේ වෑයම.
කැරින්ග්ටන් සිදුවීම
1859 අවුරුද්දේ සැප්තැම්බර් පලවෙනිදා රිචඩ් කැරින්ග්ටන් කියන ආධුනික තාරකා විද්‍යාඥයා ලන්ඩනයට නුදුරින් පිටිසරබදව පිහිටි තම තාරකා විද්‍යා නිරීක්ශනාගාරයේ සිට සූර්යා නිරීක්ශනය කරමින් සිටියා. ඔහුගේ අවධානය යොමු වී තිබුනේ ඒ වනවිට සූර්යා මතුපිට පැතිරී තිබුන හිරු ලප කිහිපයක් වෙතයි. හදිසියේම ඔහුව විශ්මයට පත්කරමින් දුරදක්නය තුලින් එක්වරම ඔහුට දැකගත හැකි වූයේ, සුදු පැහැයට හුරු දීප්තිමත් ගිනි බෝල වන් ආලෝකයක් හිරු ලප දෙකකින් නිකුත් වන ආකාරයයි. එම විශ්මිත සන්දර්ශනය පැවතියේ සුලු මොහොතකට පමනයි. මිනිත්තු පහක පමන කාලයකට පසු එම ගිනි බෝල වන් ආලෝකය අතුරුදහන් වී ගියා. නමුත්, එම සිදුවීමේ නියම බලපෑම පෘථිවියට දැනෙන්නට ආරම්භ වූයේ කැරින්ග්ටන් සිදු කල නිරීක්ශනයෙන් පැය කිහිපයකට පසුවයි.

2000 වසරේ පෙබරවාරි මාසයේ සූර්යා මතුපිට නිරීක්ශනය කරන ලද කොරෝනා ස්කන්ධ විසර්ජනයක් credits: ESA&NASA/SOHO
මෙම අවධිය වනවිට ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසින් දුරකථනය නිර්මාණය කර පැවතුනේ නෑ. එමනිසා ප්‍රධානතම විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය ලෙස ප්‍රචලිතව පැවතුනේ ටෙලිග්‍රාෆ් ක්‍රමයයි. දුරකථන රැහැනකට සමානව කම්බි ඔස්සේ එකිනෙක සම්බන්ධ වු ටෙලිග්‍රාෆ් මධ්‍යස්ථාන මගින් ලෝකය පුරා සන්නිවේදන කටයුතු සිදු කල අතර, පණිවිඩ හුවමාරුව සිදු කරන ලද්දේ මෝස් කේත ක්‍රමය උපයෝගී කර ගනිමිනුයි.

එදින රාත්‍රිය වනවිය ලෝකය පුරාම ටෙලිග්‍රාෆ් සන්නිවේදන බිඳ වැටීම් ඇතුලුව අසාමාන්‍ය සිදුවීම් රැසක් ආරම්භ වුනා. ඇතැම් ටෙලිග්‍රාෆ් මධ්‍යස්ථාන වල සවිකර තිබූ උපකරන තුලින් විදුලි පුලිඟු නිකුත්වීම් නිරීක්ශනය වූ අතර එම හේතුව නිසා ගිනිගැනීම් කිහිපයක්ද වාර්තා වුනා. ඇතැම් ටෙලිග්‍රාෆ් ක්‍රියාකරුවන්ට විදුලි සැර වැදී තිබුන අතර, බොහෝ දෙනකු ඒ නිසා කම්පන වලට මුහුන දෙනු ලැබුවා. විවිධ වර්ණයෙන් යුක්ත අවුරෝරා හෙවත් උත්තරාලෝක මෙම රැයේ ලෝකයේ සියලුම ප්‍රදේශ වල අහසේ දැක ගැනීමට හැකි වු අතර, ඇතැමුන් සිතුවේ ලෝක විනාශය ආරම්භ වී ඇති බවයි. මේ අතර සැප්තැම්බර් දෙවන දින වනවිට වායුගෝලයේ විද්‍යුත් ආරෝපන වල ඉහල යාම කෙතරම්ද යත්, බොස්ටන් නගරයේ පිහිටි ඇමරිකානු ටෙලිග්‍රාෆ් සමාගමේ යන්ත්‍ර විදුලිය සැපයීමකින් තොරවම ක්‍රියාත්මක වන්නට පටන් ගත්තා.

කැරින්ග්ටන් විසින් නිරීක්ශනය සූර්යා මත නිරීක්ශනය කරන ලද්දේ “කොරෝනා ස්කන්ධ විසර්ජනය” (Coronal mass ejection) ලෙස හැඳින්වෙන සිදුවීමක්. මෙහිදී සූර්ය වායුගෝලය සහ සූර්ය චුම්භක ක්ශේත්‍රය අතර ඇතිවන අන්තර්ක්‍රියා හේතුවෙන් අධි ශක්ති ආරෝපිත අංශු විශ්වයට මුදා හැරීම සිද්ධ වනවා. මෙම අංශු පෘථිවියේ චුම්භක ක්ශේත්‍රය සමග ගැටීම හේතුකරගෙන පෘථිවිය මත භූ චුම්භක කුනාටු (Geomagnetic storm) ඇතිවීම සිද්ධ වනවා. ලිඛිත ඉතිහාසයට අනුව මානවයා විසින් අද්දකින ලද ප්‍රබලතම භූ චුම්භක කුණාටුව ලෙස මෙම අවස්ථාව සැලකෙනවා. ගනනය කිරීම් වලට අනුව කැරින්ග්ටන් විසින් පියවි ඇසින් නිරීක්ශනය කල අවස්ථාවේ සූර්යා මතින් විමෝචනය වූ ශක්ති ප්‍රමානය පරමාණු බෝම්බ බිලියන දහයක් එක් වරම පුපුරවා හැරීමකට සමාන වනවා.
මොනවද මේ සූර්ය කුණාටු?
සූර්යා ගෙන් නිකුත් වන අධි බලැති ආරෝපිත අංශූ ප්‍රවාහයන් මෙනමින් හදුන්වනු ලබනවා. මේවා නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ සූර්යා මතුපිට සිදුවන චුම්භක විදාරනයන් හේතුවෙන්. ඒ නිසා හටගන්නා කොරෝනා ස්කන්ධ විමෝචන හේතුවෙන් හිරුගේ වායුගෝලයේ පවතින ආරෝපිත අංශු අධික ප්‍රවේගයන් දක්වා ත්වරනය වීම සිද්ද වනවා. මෙම ප්‍රවේගය කෙතරම්ද යත් සූර්යා සහ පෘථිවිය අතර ඇති දුර ප්‍රමානය වන කිලෝමීටර මිලියන 150 දුර ගමන් කිරීමට මෙම අංශු වලට ගතවන්නේ මිනිත්තු දහයක පමන කාලයක්. විශාල පරිමානයේ කොරෝනා ස්කන්ධ විමෝචනයකදී පදාර්ථය ටොන් බිලියන ගනනාවක් අභ්‍යවකාශයට මුදාහැරෙන අතර එය ගමන් ගන්නා මාර්ගයේ කිසියම් ග්‍රහලොවක් හෝ අභ්‍යවකාශ යානාවක් පැවතියහොත්, ඒවාටද බලපෑම් එල්ල කරනු ලබනවා. පෘථිවියේ පවතින චුම්භක ක්ශේත්‍රය මගින් අභ්‍යවකාශයේ සිට පැමිනෙන අන්තරීක්ශ කිරණ වලින් අපව ආරක්ශා කරනු ලබනවා. නමුත් මෙයාකාරයේ ප්‍රබල සූර්ය කුණාටු තත්ව වලදී පැමිනෙන අධි ශක්ති අංශු සමගින් පෘථිවි චුම්භක ක්ශේත්‍රය සිදු කරන අන්තර්ක්‍රියා හේතුවෙන්, භු චුම්භක කුණාටු තත්වයන් ඇති වෙනවා.

සූර්ය කුණාටු අපට කෙසේ බලපායිද?
වික්ටෝරියානු යුගයේ ටෙලිග්‍රාෆ් පද්ධති වලට සාපේක්ශව මේ වන විට ලෝකය තාක්ශනික ලෙස ඉමහත් දියුනුවක් ලබා තිබෙනවා. එමනිසා සූර්ය කුණාටු මගින් සිදු විය හැකි බලපෑම්ද ඊට සාපේක්ශව ඉතාමත් අධික වනවා. අධි ආරෝපිත අංශු හේතුවෙන් අභ්‍යවකාශ ගත කර ඇති චන්ද්‍රිකා වල විද්‍යුත් පරිපථ අක්‍රිය වීම, කක්ශ වෙනස් වීම ආදිය සිදුවිය හැකි අතර විය හැකි අතර ඒ නිසා GPS, සහ වෙනත් සන්නිවේදන ජාල ඇනහිටීමේ අවදානමක් පවතිනවා. එපමනක් නොව, ජංගම දුරකථන, අන්තර්ජාල සම්බන්දතා සහ රූපවාහිනි සන්නිවේදන වලට බලපෑම් ඇතිවිය හැකියි. එමෙන්ම විද්‍යුත් ආරෝපන ප්‍රේරනය වීම හේතුවෙන් විදුලි බල පද්ධති අඩපන වීම් මෙන්ම, විදුලි අනතුරුද ඇතිවීමේ හැකියාවක් පවතිනවා. එමනිසා ගෘහස්ත විදුලි උපකරන, විදුලි බල පද්ධති, ඉන්ධන පද්ධති, වලට බලපෑම් ඇතිවිය හැකියි. මීට අමතරව මාලිමා සහ වෙනත් විද්‍යුත් චුම්භක උපකරන වල වෙනස්කම්, විදුලි සැර වැදීම්, අහසේ ආලෝකයන් දිස්වීම් ආදියද සිදුවිය හැකියි. සූර්ය කුණාටු ගුවන් සේවා කාර්ය මණ්ඩල වලටද බලපෑ හැකි අතර ගුවන් නියමුවන්ගේ ඇසේ සුද මතුවීම, කාන්තා සේවිකාවන්ගේ ගබ්සාවීම් සිදුවීමේ අවදානම ඉහල යාම ආදි සෞඛ්‍ය ගැටලු ද ඇතිවන්නට පුලුවන්.

1989 වසරේ කැනඩාවේ ක්වීබෙක් ප්‍රදේශයට බලපෑ සූර්ය කුණාටුවක් නිසා එහි විදුලි බල පද්ධතිය පැය නවයක කාලයකට අක්‍රිය වූ අතර 2015 වසරේ ඇතිවූ සූර්ය කුණාටුවක් හේතුවෙන් එක්සත් ජනපදයේ ඊසානදිග ප්‍රදේශයේ GPS ජාලය බිඳ වැටී එම ප්‍රදේශයේ ස්වයංක්‍රීය මෝටර් රථ ගමනාගමනයට බලපෑම් එල්ල උනා. 2017 වසරේ ඇමරිකානු භූ භෞතික විද්‍යා සංගමයේ වාර්තාවකට අනුව සූර්ය කුණාටු හේතුවෙන් එක්සත් ජනපදයට පමනක් දිනකට සිදුවිය හැකි හානිය ඩොලර් බිලියන 41.5 පමන වෙනවා. කැරින්ග්ටන් සිදුවීම හා සමාන ප්‍රමානයේ අති ප්‍රබල සූර්ය කුණාටුවක් 2012 වසරේ ජුලි මාසයේ සිදුවුනද වාසනාවකට මෙන් පෘථිවිය පැවතියේ කුණාටුවේ ගමන් මාර්ගයට පිටතිනුයි. එමනිසා පෘථිවියේ සිදුවීමට නියමිතව පැවති මහා විනාශයක් වැලකී ගියා. පසුගිය අප්‍රේල් 16 වන දින ද මීට සමානව පෘථිවිය මෙන් කිහිප ගුණයක් විශාල සූර්ය කුණාටුවක් ඇතිවූ අතර පෘථිවිය ඊට සැතපුම් මිලියන 90 දුරින් පිහිටීම නිසා කිසිදු අනතුරක් වාර්තා වුයේ නෑ.
සූර්ය කුණාටු කල්තබා හදුනාගත හැකිද?

සූර්යා මතුපිට විපර්යාසයන් සිදුවන්නේ එක්තරා රටාවකට අනුකූලවයි. මෙය සූර්ය චක්‍රය (Solar cycle) ලෙස හදුන්වනු ලබනවා. මෙම සූර්ය චක්‍රයක් ගතවීම වසර නවයක සිට දහහතරක පමන කාලයක් ගතවනවා. චක්‍රයේ උපරිම අවස්තා වල හිරු ලප රාශියක් සූර්ය පෘශ්ඨය මත දැක ගත හැකිවන අතර, සූර්ය කුණාටු ඇතිවීමේ හැකියාවද ඉහල යනවා. සූර්ය චක්‍රයේ අවම අවස්තා තුලදී බොහෝ දිනවල හිරු ලප දැකගැනීමට ලැබෙන්නේ නෑ. මේ වන විට සූර්යා තම චක්‍රයේ ක්‍රියාකාරිත්වය ඉහල නංවමින් පවතින අතර 2025 පමන වනවිට එය එහි උපරිමයට ලඟාවනු ඇති. ඒ අනුව ඉදිරි කාලයේ සූර්ය ක්‍රියාකාරිත්වය හේතුවෙන් සිදුවන කාලගුණික විපර්යාසයන් තවදුරටත් ඉහල යනු ඇති. සූර්ය නිරීක්ශන චන්ද්‍රිකා රාශියක් මේ වනවිට සූර්යා පිලිබද නිරන්තර අවධානයෙන් පසුවෙනවා. එමෙන්ම එක්සත් ජනපදය මෙන්ම එක්සත් රාජධානිය මගින්ද අභ්‍යවකාශ කාලගුණික මධ්‍යස්ථාන පවත්වාගෙන යමින් සූර්ය කුණාටු පිලිබද අනතුරු පූර්ව දැනුම් දීම් සිදු කරනු ලබනවා. ගුවන් සමාගම්, විදුලි බල මධ්‍යස්ථාන, චන්ද්‍රිකා සමාගම්, මෙන්ම සාමාන්‍ය ජනතාව වෙතද ඔවුන් තොරතුරු බෙදා හැරීම සිදු කරනවා.
මෙහි මුල් ලිපිය මන්ත්‍රන වෙබ් අඩවියේ පලවූවක් වන අතර මෙම සබැඳියෙන් එය කියවිය හැකිය