රාත්‍රී අහසේ දැකිය හැකි දීප්තිමත්ම රතු යෝධ තාරකාවක් වන ඔරායන් තාරකා රාශියේ පිහිටි බීට්ල්ජූස් හි ආලෝකය 2019 වසර අගදී පැහැදිලි අඩුවීමකට ලක්ව ඇතිබව පර්යේෂකයින් නිරීක්ෂණය කර තිබුනා. පෘතුවියට ආලෝක වර්ෂ 720ක් පමණ දුරින් පිහිටා ඇති මෙහි 2020 වසරේ පෙබරවාරි මාසය වනවිට එහි ආලෝකය තුනෙන් දෙකක පමණ අඩුවීමක් ඇති බවත් නිරීක්ෂණය කර තිබුනා. පර්යේෂකයින් විශ්වාසකරේ එම තාරකාව මියැදෙන්නට පටන්ගෙන ඇතිබවත් සුපර්නෝවා පිපුරුමකින් එය නුදුරු අනාගතයේදීම විනාශවී යනු ඇතිබවත්ය.
නමුත්, 2020 අප්‍රේල් වනවිට එහි දීප්තිමත් බව යම්කිසි මට්ටමකින් නැවත වර්ධනය වී ඇතිබව නිරීක්ෂණය කර තිබෙනවා. බීට්ල්ජූස් පිළිබඳව පර්යේණ කටයුතු කරමින් සිටි පර්යේෂකයින් කණ්ඩායමක් මේ පිළිබඳව වාර්තාවක් නිකුත් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ තාරකාවෙන් නිකුත් වුනු විශාල ගෑස් වායු වලාවක් එහි ඇති බවත් ගෑස් වලාව සිසිල් වී එය දුහුවිලි බවට පත්වී තාරකාවේ ආලෝකය යම් මට්ටමකට අවහිර වී ඇතිබවත්ය.
එමෙන්ම, සමහර රතු යෝධ තාරකාවන් ඒවා පුපුරායාමට පෙර කිසිදු වෙනසක් නොපෙන්වනබවද පර්යේෂකයින් පවසනවා.