අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය හෙවත් ISS වැඩසටහන ක්‍රියාත්මක වන්නේ රුසියාව, ඇමරිකාව, කැනඩාව සහ යුරෝපයේ සහයෝගයෙනි. මෙයට චීනය ඇතුලත් කරගෙන නැත. මේ නිසා ඔවුන්, ඔවුන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්ෂගතකිරීමට සැලසුම් කරේය. එය ‘ටියන්ගොන්ග්’ නම් වේ. 2024 දී විශ්‍රාම ගැන්වීමට සැලසුම් කර ඇති ISS ට පසු මෙම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පමණක් අභ්‍යවකාශයේ රැදී තිබෙනු ඇත.
මෙය ප්‍රධාන මොඩියුල 3 කින් සමන්විත වේ.
- ටියන්හේ නියමු මොඩියුලය (Tianhe)
- වෙන්ටියෑන් පර්යේෂණාගාරය (Wentian)
- මෙන්ටියෑන් පර්යේෂණාගාරය (Mengtian)
එමන්ම මෙයට ගගනගාමීන් රැගෙන යන මොඩියුලයක් (ෂෙන්ස්හොවූ) හා ස්වයංක්‍රීය රොබෝ භාණ්ඩ ප්‍රවාහන මොඩියුලයක් (ටියන්ස්හොවූ) එකවර සම්බන්ධකර කල හැක.
මෙයට පෙර කක්ෂගතකල ටියන්ගොන්ග්-1 සහ ටියන්ගොන්ග්-2 පර්යේෂණ මට්ටමේ පැවති ඒවායි. ඒවා යොදාගත්තේ ගගනගාමීන්ගේ කෙටි රැදීසිටීම් සඳහ පමණකි. මෙම වැඩසටහන 2022 වසර්දී සම්පූර්ණ කර ඔවුන්ගේ පර්යේෂණ කටයුතු ආරම්භකිරීමටයි චීන අභ්‍යවකාශ ඒජන්සිය බලාපොරොත්තු වන්නේ.