සෞරග්‍රහ මණ්ඩලය තුලම ජීවයක් පැවතිය හැකි ස්ථාන පහක්

පෘථිවියෙන් පරිබාහිරව ජීවයක් පැවතිය හැකිද යන්න බොහෝ විද්‍යාඥයන් මෙන්ම සාමාන්‍ය ජනයාද අතර පවතින විවාදාත්මක මාතෘකා වලින් එකක්. පිටසක්වල ජීවින් පිලිබද හෝඩුවාවක් ලබා ගැනීමට රටවල් ගනනාවකම අභ්‍යවකාශ පර්යේශන ආයතන යුහුසුලුව කටයුතු කරනවා. යෝධ රේඩියෝ දුරදක්න වල සහයෙන් පිටසක්වල රේඩියෝ ස0ඥා වලට සවන් දීමේ සිට සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට යවන ලද වොයෙජර් යානා වල පෘථිවිය හා සම්බන්ධ තොරතුරු ඇතුලත් ස්වර්ණමය තැටි අඩ0ගු කරවීම ආදිය, පිටසක්වල ශිශ්ඨාචාර හා සන්නිවේදනය කිරීමට සිදු කරන ලද උත්සාහයන් ලෙස හැදින්විය හැකියි.  

ඉහල: වොයෙජර් අභ්‍යවකාශ යානයේ බදේ සවි කර ඇති ස්වර්ණමය තැටිය. පහල: ස්වර්ණමය තැටියේ අඩ0ගු දත්ත ලබා ගන්නා ආකාරය පිලිබද එහි කවරයේ අඩ0ගු කර ඇති උපදෙස්. Credit: NASA/JPL

මිනිසාට ජීවිතය රැක ගත හැකි ප්‍රශස්ථ මට්ටම් ඉතා සීමාකාරීයි. නමුත් මිහිතලය මත මිනිසාට අමතරව තවත් ජීවී විශේෂ ට්‍රිලියනයකට වඩා දිවි ගෙවනවා. මේ අතර ඇතැම් ජීවී විශේෂ මිනිසා ඇතුලුව බොහෝමයක් ජීවින්ට සාපෙක්ශව ජීවයට අහිතකර කටුක තත්වයන්ට ඔරොත්තු දීමට හැඩ ගැසී තිබෙනවා. ජලය නටමින් පවතින උණුදිය උල්පත් වල සිට සදාකාලිකව අයිස් වලින් වැසී පවතින ඇන්ටාක්ටිකාවේ අයිස් දක්වාත්, කදු මුදුන් වල සිට මරියානා ආගාධය තෙක් පමනක් නොව, ඊටත් පහලින් පිහිටි පෘථිවි කබොලේ පහල ස්ථර දක්වාත්, ජීවය පැතිරී පවතින අතර ඇතැම් ජීවින්, මිනිසාට මාරාන්තික විකිරණ, උශ්නත්ව, පීඩන, හමුවේ නොනැසී ජීවත් විය හැකි අනුවර්තන වලින් යුක්ත වනවා. එම කාරනය සිතේ තබාගෙන අපි සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලෝක හා චන්ද්‍රයන් කීපදෙනෙක් පිලිබදව විමසා බලමු.  

ගැඹුරු මුහුදේ පිහිටා ඇති උණුදිය උල්පතක්. පෘථිවි අභ්‍යන්තරයේ පවතින ඛනිජ වර්ග මෙම උණුසුම් ජලයේ දියවී මතුපිටට පැමිනෙන අතර මෙම උණුදිය උල්පත් මගින් ඒවා ආශ්‍රිත මුලුමහත් පරිසර පද්ධතියම පෝශනය කරනු ලබයි. Credit: NOAA

සිකුරු ග්‍රහයා

පෘථිවියේ නිවුන් සොහොයුරිය ලෙස හැදින්වුවද සිකුරු ග්‍රහයා මතුපිට පවතින්නේ පෘථිවියට සමාන තත්වයක් නම් නෙවෙයි. සිය වායුගෝලයේ ඇති අධික කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රතිශතය නිසා ඇතිවන හරිතාගාර ආචරනය හේතුවෙන් සිකුරු මතුපිට උශ්නත්වය, හිරුට ලගින්ම පිහිටන බුද ග්‍රහයාටත් වඩා ඉහල වනවා. එපමනක් නොව, සිකුරු මතුපිට පීඩනය පෘථිවියේ මෙන් අනූ ගුණයක් පමන වනවා. නමුත් සිකුරු පෘශ්ඨයෙන් කිලෝමීටර පනහක් පමන ඉහල ගිය විට වායු පීඩනය පමනක් නොව උශ්නත්වයද පෘථිවි තත්වයන්ට ඉතාමත් ආසන්න වනවා. මෙම මට්ටමේ පිහිටා ඇත්තේ සිකුරු ග්‍රහයාගේ සල්ෆියුරික් අම්ල වලාකුලු ස්ථරයයි. මෙම වලාකුලු තුල කිසියම් ආකාරයක ජීවයක් පැවතීමේ හැකියාවක් පවතිනවා. පෘථිවියේද වලාකුලු වල ජීවත් වන ක්ශූද්‍ර ජීවී ආකාර මෙන්ම අධික ආම්ලික පරිසර වල ජීවත් වන ක්ශුද්‍ර ජීවී ආකාරද ගනනාවක් හදුනා ගත හැකියි. ජීවී ප්‍රතික්‍රියා හේතුවෙන් විමෝචනය වන රසායනික ද්‍රව්‍ය කිහිපයක්ම සිකුරු වායුගෝලයේ නිරීක්ශනය කර ඇති අතර ඒවායේ සම්භවය පිටසක්වල ජීවයද, නැත්නම් ස්වභාවික හේතුවක්ද යන්න පිලිබද තවමත් තහවුරු වී නැහැ.

සිකුරු මතට අභ්‍යවකාශ යානා ගොඩබැසීමට මේ දක්වා සමත් වී ඇති එකම රාජ්‍ය වන්නේ සෝවියට් ස0ගමයයි. මෙහි දැක්වෙන්නේ සිකුරු මතුපිට මුල්ම ඡායාරූපය ලබා ගැනීමට සමත් වූ වෙනෙරා 13 යානයයි. Credit: Russian Academy of Sciences / Mattias Malmer

අඟහරු ග්‍රහයා

අඟහරු ගෙන් පැමිනි උල්කාශ්මයක් තුල අඩ0ගු වූ බැක්ටීරියා ෆොසිල වලට සමාන වූ ව්‍යුහයන් ගැන මීට පෙරත් අපගේ ලිපියක පලවූවා ඔබට මතක ඇති. අඟහරු ග්‍රහයා මත ජීවය පවතින බව සියවස් කීපයක සිටම පැවතගෙන එන මතයක්. පෘථිවියේ සමානව එහි ධ්‍රැවාසන්න අයිස් තට්ටු තැන්පත් වී ඇති ආකාරය මෙන්ම ඒවා සෘතු විපර්‍යාස සමග වෙනස් වෙන අයුරුද දකින්නට පුලුවන්. නමුත් අඟහරු මත ඇත්තේ පෘථිවියට සාපෙක්ශව ඉතාමත් තුනී වායුගෝලයක්. එමෙන්ම සූර්යාට තරමක් දුරින් පිහිටා තිබීම නිසා එහි ඇත්තේ ශීත දේශගුනයක්. ගිම්හානයේ උනුසුම් දිනක වුවද එහි උශ්නත්වය වන්නේ සෙල්සියස් අ0ශක විස්සක් පමන. අඟහරු මතුපිට ශීත කාන්තාරයක් ලෙස පිහිටියත් එහි පෘශ්ඨය තුල පිහිටා ඇති අයිස් ස්ථර තුල ජීවය පිහිටා තිබීමට විශාල ඉඩකඩක් පවතිනවා. අඟහරු ගේ පරිසර තත්ව යටතේ ජීවත්විය හැකි පෘථිවි බැක්ටීරීයාවන් රැසක්ම පවතින අතර ඊට සමාන ආකාරයේ ජීවයක් වර්තමානය වනවිට අඟහරු මත පැවතිය හැකියි.   

අඟහරු ගේ උත්තරධ්‍රැවයේ අයිස් තට්ටු වසන්ත සමයේ සිට ක්‍රමිකව වෙනස් වන ආකාරය. credit: NASA/JPL-Caltech/Univ. of Arizona

බ්‍රහස්පති ග්‍රහයාගේ යුරෝපා චන්ද්‍රයා

ඔබ ආතර් සී ක්ලාර්ක් මහතාගේ 2061 අභ්‍යවකාශ වීර චාරිකාව කියවා ඇත්නම් යුරෝපා චන්ද්‍රයා අමතක වෙන්නට හේතුවක් නෑ. අපගේ චන්ද්‍රයාට වඩා මදක් කුඩා වුවද යුරෝපා මත ඇති ජලය ප්‍රමානය පෘථිවියේ සාගර ධාරිතාවය මෙන් දෙගුණයක් වනවා. යුරෝපා වායුගෝලයේ වැඩි ප්‍රතිශතයක් සමන්විත වන්නේ ජීවයට හිතකර ඔක්සිජන් වායුවෙන්. නමුත් මෙම වායුගෝලය පෘථිවි වායුගෝලයට වඩා බෙහෙවින් තුනී නිසා වායු පීඩනය ඉතාමත් අවම වනවා. යුරෝපා පෘශ්ඨය සමන්විත වන්නේ කිලෝමීටර පහලවක් විස්සක් පමන ගනකමැති අයිස් තට්ටුවකින්. ඊට පහලින් ඇත්තේ ලවණ දියෙන් නිර්මාණය වී ඇති භූගත සාගරයක්. ඒ හේතුවෙන් යුරෝපා චන්ද්‍රයා මත පෘථිවියට සමානව චුම්භක ක්ශේත්‍රයක් ඇතිවී තිබෙනවා. මෙම ලිපියේ ආරම්භයේ සඳහන් වී ආකාරයේ භූගත යමහල් හා ගිනිකඳු ආශ්‍රිතව ජීවය හටගැනීමේ ඉහල සම්භාවිතාවයක් මෙන්ම එම ජීවින් වඩාත් ස0කීර්ණ බහු සෛලික ජීවීන් බවට පරිණාමය වීමේ විභවයද යුරෝපා චන්ද්‍රයා තුල පවතිනවා.

ගැලිලියෝ යානය මගින් ලබාගත් යුරෝපා උපග්‍රහයාගේ ඡායාරූපයක්. මෙහි අයිස් පෘශ්ඨය මත ඇතිවී තිබෙන පැලුම් ගනනාවක් දැකිය හැකිය. මෙහි තැබිලි පැහැයෙන් දැක්වෙන ද්‍රව්‍ය ඇල්ගී හෝ ලයිකන වර්ගයක් විය හැකි බව ඇතැම් විද්‍යාඥයන් මතයයි. නමුත් එය මේ වනතෙක් නිවැරදිව තහවුරු කර නැත. Credit: NASA

සෙනසුරු ග්‍රහයාගේ ටයිටන් චන්ද්‍රයා

සෞරග්‍රහ මන්ඩලයේ පෘථිවිය හැරුනු කොට තම පෘශ්ඨය මත ද්‍රව තත්වයේ සාගර පවතින එකම ස්ථානය වන්නේ ටයිටන් උපග්‍රහයායි. සූර්යාට ඉතාමත් ඈතින් පිහිටා තිබෙන නිසා ටයිටන් මත උශ්නත්වය සෙල්සියස් අ0ශක සෘණ 179 තරම් අඩු අගයක් වනවා. එම තත්ව යටතේ ජලය නම් තව දුරටත් ද්‍රව තත්වයේ පවතින්නේ නෑ. එමනිසා ටයිටන් මත ඇති සාගර, ග0ගා සහ විල් නිර්මාණය වී ඇත්තේ ඊතේන්, මිතේන් වැනි හයිඩ්‍රෝකාබනික ස0යෝග වලින්. ටයිටන් උපග්‍රහයකු වූවාට එහි විශාලත්වය බුධ ග්‍රහයාටත් වඩා වැඩි වනවා. එමෙන්ම පෘථිවියට සමාන ලෙස එහි පවතින්නේ නයිට්‍රජන් බහුල වායුගෝලයක්. මෙහි වායු පීඩනය පොලවට වඩා සියයට හැටකින් පමන ඉහල වනවා. එමනිසා ටයිටන් මත දැනෙන වායු පීඩනය සමාන වන්නේ පෘථිවියේ මීටර පහලවක් ගැඹුරේ කිමිදෙන විට දැනෙන පීඩනයටයි. පෘඨිවියට අතිශයින් සමානකමක් දක්වන ටයිටන් උපග්‍රහයා මත ජීවය හටගැනීමේ හැකියාවත් ඉතාමත් ඉහලයි. නමුත් ඉතා අඩු උශ්නත්ව තත්වය හේතුවෙන් මෙහි හටගන්නා ජීවය පෘථිවියට වඩා සහමුලින්ම වෙනස් ජෛව රසායනික ස0යුතියකින් සමන්විත විය හැකියි.

වමේ: කොල පැහැයෙන් යුත් පෘථිවියේ අභ්‍යවකාශ ඡායාරූපයක් ලෙස දිස්වන ටයිටන් උපග්‍රහයාගේ සේයාරුවක්. දකුණේ: ටයිටන් උපග්‍රහයා මත පිහිටි දෙවනි විශාලතම මුහුද. මෙම ඡායාරූප කැසිනි අභ්‍යවකාශ යානය මගින් ලබාගෙන ඇත. Credit: NASA

සෙනසුරු ග්‍රහයාගේ එන්සෙලාඩස් චන්ද්‍රයා

සමකාසන්න අරය ශ්‍රී ල0කාවේ දිගටත් වඩා කුඩා වන මෙම උපග්‍රහයා සුවිශේෂී වන්නේ එහි පෘශ්ඨයෙන් අභ්‍යවකාශයට එල්ල කරනු ලබන ජල ධාරාවන් හේතුවෙන්. එය එන්සෙලාඩස් ගේ අයිස් මතුපිටට යටින් ඇති ද්‍රව ජලය සහිත අභ්‍යන්තර සාගරයක් ගැන මනා ඉගියක් ලබා දෙනවා. එමෙන්ම එය උපග්‍රහයා අභ්‍යන්තරයේ උණුදිය උල්පත් ක්‍රියාකාරිත්වය ඉතා ඉහල මට්ටමක පවතින බවටද සාධයකක් වනවා. බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයාට සමාන පරිසරයක් පවතින එන්සෙලාඩස් මතද ජීවය හට ගැනීමේ ඉහල හැකියාවක් පවතිනවා. ඒ පිලිබද වැඩිදුර සාධක අනාගත අභ්‍යවකාශ පර්යේශන හරහා අනාවරනය කර ගැනීමට හැකිවනු ඇති.

කැසිනි යානය එන්සෙලාඩස් මතින් විහිදෙන ජල ධාරා වලට ඉහලින් ගමන් කරන අයුරු සිත්තරකුගේ ඇසින් Credit: NASA/JPS-Caltech

පසුවදන

පිටසක්වල ජීවය යන වචනය ඇසුන සැනින් අපගේ සිතේ මැවෙන්නේ හොලිවුඩ් සිනමාවේ නිතර දකින්නට ලැබෙන ආකාරයේ කොල පැහැති, විශාල ඇස් හා හිස් සහිත, පියාඹන පීරිසි වලින් ගමන් ගන්නා මානවරූපී ජීවීන්. නමුත් සත්‍ය පිටසක්වල ජීවීන් ඊට වඩා බොහෝ වෙනස් වීමට ඉඩ තිබෙනවා. බොහෝ දුරට ඔවුන් සමාන වනු ඇත්තේ අපගේ පරිසරයේ හමුවන ක්ශූද්‍ර ජීවී ආකාර හෝ ගැඹුරු සාගර පත්ලේ ජීවත් වන ජීවී විශේෂ වලටයි.

මෙහි මුල් ලිපිය මන්ත්‍රන වෙබ් අඩවියේ පලවූවක් වන අතර එය මෙතනින් කියවිය හැක

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )