ඉතින් මේ වෙනකොට නාසා ආයතනය මඟින් අඟහරු ග්‍රහයා වෙත අති සාර්ථක ලෙස ප්‍රේසවරන්ස් රෝවරය ගොඩබස්සලා එහි පරීක්ෂණ කටයුතු පටන් අරන් තිබෙනවා. ඒ වගේම වෙනත් ග්‍රහ වස්තුවක් මත ගුවන් ගතකෙරුණු පළමු ගුවන් යානය වන “ඉන්ජෙනුයිටි” හෙලිකොප්ටරයත් මේ වනවිට ක්‍රියාත්මක මට්ටමේ පවතිනවා.
ප්රෙසවරන්ස් රෝවරය ගොඩබස්වන මෙහෙයුමේ ප්‍රධාන ඉන්ජිනේරුවරයා වන්නේ “ඇලන් චෙන්” මහතායි. මේ ගොඩබස්වන මෙහෙයුමේදී රෝවරයේ පැරෂුටය දිගහැරුණු මොහොතේදී ඔහු “සමහර වෙලාවට අපි අපේ වැඩවල යම්කිසි සැඟවුණු සලකුණු ඉතිරිකර තබනවා අනෙක් අයට සොයාගැනීමට. පරෂුටයේ දැක්වෙන මෝස්තරයේ ඇත්තේ යම්කිසි කේතයක්.” ලෙස පවසා තිබෙනවා. එලෙස සැඟවුණු කේතයක් අඩංගු කිරීමට මුල් අදහස පහළවී ඇත්තේ පැරෂුටය නිර්මාණය කරන කණ්ඩායමේ ප්‍රධානියා වන “ඉයන් ක්ලාක්” ටයි.
මේ මෙහෙයුම පිලිබඳ ඇල්මකින් සිටි පැරීසියේ 23න් වියැති පරිඝනක විද්‍යා සිසුවෙකු වන “මැක්සින්ස් ඇබෙලා” ඇලන්ගේ මේ පණිවිඩය පිලිබඳ දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ඇබෙලා ඇගේ පියා වන ලන්ඩනයේ ගූගල් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවකු වන ජෙරම් ට මේ පිලිබඳ දුරකථන ඇමතුමක් ගෙන දන්වා තිබෙනවා. “අපි මේ වගේ පොඩි අභියෝග වලට ආසයි. අපි හිතුවේ නෑ අපිට මේක විසඳන්න පුළුවන් වෙයි කියලා. එත් අඩුමගානේ අපි උත්සාහ කලයුතුයි.” යයි ඇබෙලා පවසනවා.
මේ පරිඝනක විද්‍යාඥයින් පිරිස විවිධ සරල උපක්‍රම යොදමින් මෙම පණිවිඩය විකේතනය කිරිඉමට උත්සාහගෙන තිබෙනවා. ඒ පරිඝනකයේ භාශාව වන 1 සහ 0 උපයෝගී කරගෙනයි. පළමුව ඔවුන් එය බිට් 8 ක කේතයක් ලෙස විසඳීමට උත්සාහ ගෙන තිබුනත් එය අසාර්ථක වීම නිසා නැවත එය බිට් 10 ක කේතයක් ලෙස විසඳීමට උත්සාහ ගෙන තිබෙනවා. එවිට ඔවුන්ට සාර්ථක ලෙස පණිවිඩයේ අඩංගු අකුරු හඳුනාගැනීමට හැකිවී තිබෙනවා. ඇලන් විසින් එම ඉඟිය දක්වා පැය දෙකක් ඇතුලත මොවුන් මෙම කාර්යය නිමකර ඇති බවයි වාර්තා වන්නේ
එහි තිබී ඇත්තේ කුමක්ද?
“DARE MIGHTY THINGS”
