චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට හෝ අභ්‍යවකාශ යානාවක් අභ්‍යවකාශය වෙත යවන මෙහෙයුම් වලට උපකාරක මොඩියුල කිහිපයක් අවශ්‍ය කරනවා. එම මොඩියුල ඊට අදාළ ක්‍රියාවලිය සිදුකරාට පසු පොළොවට කඩාවැටීම හෝ අභ්‍යවකාශය තුල අත්හැරීම සිදුවෙනවා. පොලවට කඩාවැටෙන මොඩියුල බොහෝවිට කඩාවැටෙන අතරතුර ඉහල වායුගෝලයේදී දැවී විනාශවී යනවා. ඉන් සමහරක් පොලවට කඩා වැටෙනවා. නමුත් එලෙස විනාශවීමක් සිදුනොවන කොටස් වලට කුමක්ද වන්නේ?
පර්යේෂකයින් පවසන ආකාරයට එවැනි මිනිසා විසින් අභ්‍යවකාශයේ අත්හැර දැමු අකීය සහ අබලි ද්‍රව්‍ය දැනට 3500 ක් පමණ හඳුනාගෙන ඒවායේ ගමන්මාර්ග පිලිබඳ දැඩි අවධානයෙන් පසුවෙනවා. ඒ ඒවායෙන් පොලවට ඇති හානිය සහ දැනට සාර්ථක ලෙස කක්ෂගතකර ඇති චන්ද්‍රිකා වැනි අභ්‍යවකාශ යානාවලට ඇතිවියහැකි හානිය නිසාය.
මීට පිලියමක් ලෙස යුරූපා අභ්‍යවකාශ ඒජන්සිය, ස්විට්සර්ලන්තයේ ක්ලියර්-ස්පේස් වැඩසටහන හා එක්ව 2025 වසරේදී මෙහෙයුම් මාලාවක් ආරම්භකිරීමට බලාපොරොත්තු වනබවයි වාර්තා වන්නේ. එහිදී හඳුනාගත් අභ්‍යවකාශ අබලි ද්‍රව්‍ය අල්ලා ගැනීමට ඊටම විශේෂිත වූ මොඩියුලයක් ගුවන්ගත කරනු ඇත. ඒවායේ ඇති බාහු හෝ දැල් ආකාරයේ උපකරණ මගින් එම අබලි ද්‍රව්‍ය අල්ලා ගනු ඇත. ඉන්පසු එම අබලි ද්‍රව්‍ය අභ්‍යවකාශයේසිට ඉහල වායුගෝලය වෙත විසිකර දැවීමට සලස්වා විනාශ කිරීමක් හෝ අල්ලාගත් එම අබලි ද්‍රව්‍ය සහ මොඩියුලය යන උපකරණ දෙකම ඉහල වායුගෝලයේදී දැවීමට සලස්වා විනාශ කිරීම සිදුවනු ඇත.
ගුවන්ගතකරන පළමු මොඩියුලය බාහු හතරක් සහිත වේ. එය ක්ලියර්-ස්පේස්-1 ලෙස නම්කර ඇත. එමගින් අභ්‍යවකාශයේ රැදී ඇති “වෙස්පා” නම් මොඩියුලය ඉහල වායුගෝලය වෙත ගෙනැවිත් එම මොඩියුල දෙකම දහනය වී විනාශවීමක් සිදුවනු ඇති ආකාරයට සකසා ඇතිබවටයි වාර්තා වන්නේ.
