ධ්‍රැව ආලෝකය නැත්නම් අවුරෝරා කියන්නේ බොහෝදෙනෙක් දන්නා හරිම අපූරු සංසිද්දියක්. සූර්‍ය සුළං මඟින් අවකාශයේ පැතිරෙන අංශු පෘථුවීයේ චුම්බක ක්ෂේත්‍රයේ ගැටුනහම සිදුවෙන අයනීකරණ ක්‍රියාවලියක ප්‍රථිපලය විදියට තමයි අපිට මේ ආලෝකය විවිධ රටා වලින් දැකගන්න පුළුවන් වෙන්නේ.
මේ ආලෝකය ගැන පර්යේෂණ කරන කණ්ඩායමක් විසින් ඒවායේ තවත් රටාවක් පසුගියදිනෙක අනාවරණය කරගෙන තියෙනවා. ඒ රටාව වැලිකඳු ලෙස දැකිය හැකි ආකාරයක් ගැනයි. මෙය පළමුවෙන්ම නිරීක්ෂණය කරතිබෙන්නේ 2016 වසරේදී බවත් වාර්තා වෙනවා.

