තාරකා විද්‍යා පර්යේෂකයන් පිරිසක් විසින් හරි අපුරු ත්‍රිමාන වීඩියෝ අනුරුවක් නිර්මාණය කර තිබෙනවා. ඒ හිරු තාරකාව මෙන් මිලියන වාරයකටත් වඩා විශාල ගෑස් වලාකුලකින් තරු නිර්මාණය වන ආකාරය පිළිබඳවයි. එය නම්කර ඇත්තේ “ස්ටාෆෝජ්” නමිනුයි. මෙය නිර්මාණය කර ඇත්තේ විශ්වය නිර්මාණය වීම පිලිබඳ දැනට පවතින මූලික සංකල්ප පදනම් කරගෙනයි.
එම ත්‍රිමාණ වීඩියෝව නරඹන්නන් හට එහි වර්ණවත් ගෑස් වලාකුළු අතරින් සැරිසරා තරු බිහිවන ආකාරය ගැන හරි අපූරු විද්‍යාත්මක දැනුමක් හා අත්දැකීමක් ලබාගතහැකි වනු ඇති බවටයි වාර්තාවෙන්නේ.
