ඔබටත් අභ්‍යවකාශයේ සංචාරය කිරීම කියන්නේ තව නොබෝ කාලයකින්ම ඉටුකරගත හැකි සිහිනයක් වෙයි. මේ පහසුකම සැපයීමට දැනටමත් වජින් ගැලක්ටික් සමාගම පර්යේෂණ යානා නිෂ්පාදනය කරමින් සිටිනවා. පසුගිය මැයි 22 වනදා ඔවුන් තවත් අති සාර්ථක ලෙසින් පර්යේෂණ මට්ටමේ පවතින සංචාරක යානාවක් නව මෙක්ගසිකෝ නගරයෙන් ගුවන්ගත කරා. මේ යානාව ඔවුන් නම්කර තිබෙන්නේ “වී.එස්.එස්. යුනිටි” ලෙසිනි.
එම යානාව අඩි 44,000 මට්ටමකට “වී.එම්. එස්. ඊව්” නම් උපකාරක මවු යානාව මගින් ගුවන් ගතකර මුදාහරිනවා. ඉන්පසු අභ්‍යවකාශ සංචාරක යානාව එහි රොකට් එන්ජිම පනගන්වා ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයක වේගයකින් අඩි 293,000 මට්ටම දක්වා ගමන්කර නැවත පෘතුවියට ලගා වූ බවයි වාර්තා වන්නේ.

