පොළොවට ජීවය ආවේ පිටසක්වලින්ද?

ජීවයේ සම්භවය සිදුවූයේ කෙලෙසකද යන ප්‍රශ්නය වසර දහස් ගනනක සිට පැවත එන තවමත් නොවිසදුන ගැටලුවක්. ජීවයේ සම්භවය පිලිබද විවිධ විද්‍යාත්මක මෙනම ආගමික මත රැසක් මේ වන විට ඉදිරිපත් වී තිබෙනවා. මේ අතරින් පෘථිවියට ජීවය අභ්‍යවකාශයෙන් පැමිනියා යන මතය හෙවත් “පැන්ස්පර්මියා” වාදයට හිමි වන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක්.

ග්‍රහක, උල්කාශ්ම, හා ධූමකේතු ආධාරයෙන් ජීවය විශ්වයේ එක් ස්ථානයක සිට ඊට පරිබාහිර ජීවයට හිතකර වෙනත් ග්‍රහලෝක දක්වා ගමන් කරන බව පැන්ස්පර්මියා වාදයට පදනම් වනවා
ග්‍රහක, උල්කාශ්ම, හා ධූමකේතු ආධාරයෙන් ජීවය විශ්වයේ එක් ස්ථානයක සිට ඊට පරිබාහිර ජීවයට හිතකර වෙනත් ග්‍රහලෝක දක්වා ගමන් කරන බව පැන්ස්පර්මියා වාදයට පදනම් වනවා Credit: NASA

ඉතිහාසය

පැන්ස්පර්මියා යනු ග්‍රීක වචනයක්. එහි අරුත පැතිරුන බීජ ලෙස අර්ථ දැක්විය හැකියි. ක්‍රි. පූ. 5 වන සියවසේ ජීවත් වූ ග්‍රීක දාර්ශනිකයකු වන “ඇනෙක්සගොරස්” ගේ අදහස් මෙම වාදයට පදනම් වනවා. ඔහුට අනුව ජීවයේ බීජ විශ්වය පුරාම විසිරී පැතිරී පවතින අතර ඒවා අභ්‍යවකාශය හරහා ග්‍රහ වස්තු අතර ගමන් කිරීම සිදු කරනු ලබනවා.

පැන්ස්පර්මියා වාදය පිලිබද නූතන මතය මීට බොහෝ සෙයින් සමාන වනවා. ඒ අනුව ග්‍රහක, උල්කාශ්ම, හා ධූමකේතු ආධාරයෙන් ජීවය විශ්වයේ එක් ස්ථානයක සිට ඊට පරිබාහිර ජීවයට හිතකර වෙනත් ග්‍රහලෝක දක්වා ගමන් කරන බවත් සදහන් වෙනවා.

ධූමකේතුවක මතුපිටින් ද්‍රව්‍ය සහ වායු විමෝචනය වන අන්දම යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ රොසෙටා යානයේ කැමරාවට හසුවූ අයුරු
ධූමකේතුවක මතුපිටින් ද්‍රව්‍ය සහ වායු විමෝචනය වන අන්දම යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ රොසෙටා යානයේ කැමරාවට හසුවූ අයුරු Credits: ESA/Rosetta/MPS for OSIRIS Team MPS/UPD/LAM/IAA/SSO/INTA/UPM/DASP/IDA

මෙම මතය ඉදිරිපත් කිරීමට පුරෝගාමී වූ විද්‍යාඥයන් ලෙස මහාචාර්‍ය ෆ්‍රෙඩ් හොයිල්, මහාචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහ හැදින්විය හැකියි. ඔවුන්ට අනුව ධූමකේතු ප්‍රධාන ලෙස ජීවය විශ්වය පුරා ගෙන යාමට දායක වන ප්‍රවාහන මාධ්‍ය වනවා. ධූමකේතුවක් සමන්විත වන්නේ පාශාන හෝ පාංශූමය න්‍යශ්ටියක් වටා පිහිටන අයිස් ස්ථරයකිනුයි. ඊට අමතරව ඒ තුල කාබනික සංයෝග රාශියක් අඩංගු වනවා. ඒ අනුව ධූමකේතු තුල ජීවී  සෛල සදහා අවශ්‍ය වන කාබනික සංයෝග සහ ජලය පැවතීමට හැකියාව පවතිනවා පමනක් නොව අහිතකර පාරජම්බුල සහ අන්තරීක්ශ කිරණ වලින් ආරක්ශාවද ලැබෙනවා.

කවුද මේ මහාචාර්ය වික්‍රමසිංහ

1939 උපත ලබන මහාචාර්ය වික්‍රමසි0හයන් මූලික අධ්‍යාපනය ලබන්නේ කොලඹ රාජකීය විද්‍යාලයෙන්. පසුව ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් (University of Ceylon: පසු කාලිනව එය කොලඹ, පේරාදෙණිය, කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර ලෙස ස්වාධීන විශ්ව විශ්ව විද්‍යාල හතරකට බෙදුනි) ගණිතය පිලිබද මූලික උපාධියත්, එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධියත් හිමිකරගන්නා ලදී. පසුකාලීනව තාරකා ජීව විද්‍යාව පිලිබදව පර්යේශන ගනනාවක් ඔහු විසින් සිදු කරන ලදී. ඒ ඇසුරින් ඔහු රචිත පර්යේශන පත්‍රිකා ගනන 350 අධිකය.

මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ
මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ

1982-84 වසරවලදී ශ්‍රී ල0කා ජනාධිපති J.R. ජයවර්ධන මහතාගේ ජනාධිපති උපදේශක වශයෙන් කටයුතු කල ඔහු මහනුවර ජාතික මූලික අධ්‍යන ආයතනය ඇති කිරීමට ක්‍රියා කල අතර එහි මුල්ම අධ්‍යක්ශ තනතුරටද පත්විය. එමෙන්ම විද්‍යාත්මක හෝ තාක්ශනික ජයග්‍රහන වෙනුවෙන් ශ්‍රී ල0කාවේ ලැබිය හැකි ඉහලම ගෞරවය වන විද්‍යා ජෝති සම්මානය 1992 වසරේ ඔහුට පිරිනමන ලදී.

2005 වසරේ එක්සත් රාජධානියේ ජීවත් වන බලවත්ම ආසියානුවන් 100 ලැයිස්තුවට ඇතුලත් වූ ඔහු මේ වන විට බකින්හැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ශ ලෙස තම පර්යේශන ඉදිරියට කරගෙන යනු ලබයි. ඊට අමතරව දේශීය සහ විදේශීය විශ්ව විද්‍යාල හා පර්යේශන ආයතන ගනනාවක ගෞරව මහාචාර්‍ය පදවිද ඔහු විසින් හොබවනු ලබයි.

ඇලන් හිල්ස් උල්කාශ්මය

1984 වසරේ දෙසැම්බර් මස 27 වනදා ඇන්ටාර්ක්ටිකාවේ ඇලන් හිල්ස් ප්‍රදේශයේ ගවේශනයක නිරත වූ භූ විද්‍යාඥයන් පිරිසකට උල්කාශ්මයක් හමු වුනා. එහි සාම්පල අංකය වුයේ 1539 යි. එතෙක් ලොව සොයාගෙන තිබූ අසාමාන්‍යතම උල්කාශ්මය බවට එය පත්වෙනු ඇතැයි හෝ තවත් දශකයකට පසු ඇමරිකානු ජනපති බිල් ක්ලින්ටන් මෙම උල්කාශ්මය පිලිබද සිය අදහස් පලකරනු ඇතැයි එම පිරිස නොසිතන්නට ඇති.

ඇලන් හිල්ස් උල්කාශ්මය
ඇලන් හිල්ස් උල්කාශ්මය Credit: NASA

පසුව සිදු කරන ලද පරීක්ශන අනුව මෙම උල්කාශ්මය අගහරු ග්‍රහයා ගේ පාශාන කොටසක් බවට තහවුරු වුනා. නමුත් වඩාත්ම විශ්මයජනක සොයා ගැනීම වුයේ එය අධි විභේදන ඉලෙක්ට්‍රෝන අන්වීක්ශය හරහා නිරීක්ශනය කලවිටයි. එහිදි දකින්නට ලැබුනේ පෘථිවි ක්ෂුද්‍ර ජීවින්ට සමාන පෙනුමකින් යුක්ත වූ ක්ෂුද්‍ර පොසිල සමූහයක්. මේවායේ ප්‍රමානය නැනෝ මීටර 20 – 500 අතර ප්‍රමානයක් වූ අතර, ගෝලාකාර, දන්ඩාකාර සහ බෙදී ගිය හැඩයන්ගෙන් යුක්ත වුණා.

ල්කාශ්මයේ අධි විභේදන ඉලෙක්ට්‍රෝන අන්වීක්ශ ඡායාරූපයක්. මෙහි පැහැදිලිව පෘථිවිය මත දක්නට ලැබෙන බැක්ටීරියාවකට සමාන ව්‍යුහයක් දක්නට ලැබේ.
උල්කාශ්මයේ අධි විභේදන ඉලෙක්ට්‍රෝන අන්වීක්ශ ඡායාරූපයක්. මෙහි පැහැදිලිව පෘථිවිය මත දක්නට ලැබෙන බැක්ටීරියාවකට සමාන ව්‍යුහයක් දක්නට ලැබේ. Credit: NASA

කෙසේ වෙතත් ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ අජීව රසායනික ප්‍රතික්‍රියා මගින්ද මෙබදු ලක්ශන උල්කාශ්ම මත ඇතිවිය හැකි බවයි. උදාහරනයක් ලෙස මෙම උල්කාශ්මයේ රසායනික සංයුතිය පරික්ශා කර බැලූ විට එහි තිබී ඇමයිනෝ අම්ල කිහිපයක් වෙන් කර ගැනීමට විද්‍යාඥයන්ට හැකි විය. නමුත් පසුව තහවුරු වූයේ එම ඇමයිනෝ අම්ල වල පෘථිවියෙන්ම එකතු වූ ඒවා බවයි. එමනිසා පිටසක්වල ජීවය පිලිබද ප්‍රබල සාධකයක් ලෙස මෙම උල්කාපාතය හැදින්වීමේ හැකියාවක් නෑ. නමුත් පසුකාලීනව බාහිර ජීවය සෙවීමේ කටයුතු සදහා හොද ආරම්භයක් මෙමගින් ලැබුනා. වර්තමානය වන විට උල්කාශ්ම තුල තිබී ජීවයට පදනම් විය හැකි ස0කීර්ණ කාබනික ස0යෝග ගනනාවක් හදුනාගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී තිබෙනවා.

අභ්‍යවකාශයේ ජීවය නොනැසී පැවතිය හැකිද?

අභ්‍යවකාශයේ ජීවින්ට නොනැසී ජීවත් වීමට ඇති හැකියාව පිලිබද එක්සත් ජනපදයෙන්, සෝවියට් සංගමයෙන් මෙන්ම වෙනත් රටවල් කිහිපයකින්ම පර්යේශන රාශියක් සිදු කර තිබෙනවා. ඒ අනුව අභ්‍යවකාශයේ නොනැසී පැවතිය හැකි දිලීර වර්ග, බැක්ටීරියා වර්ග, බැක්ටීරියා බීජානු සහ ලයිකන වර්ග ගනනාවක් හදුනා ගෙන තිබෙනවා. එමෙන්ම ටාගිග්‍රේඩ් යනුවෙන් හැදින්වෙන සත්ව විශේෂයටද අභ්‍යවකාශ තත්ව යටතේ තම ජීවය පවත්වාගෙන යාමට හැකියාව පවතින බවට සොයාගෙන තිබෙනවා. ඒ අනුව ග්‍රාහක, ධූමකේතු,සහ උල්කාශ්ම ඇසුරු කරගෙන ජීවය පවත්වාගෙන යාමට හා විශ්වය පුරා සංචරනය කිරීමට ඇතැම් ජීවින්ට හැකියාව පවතින බව යන මතය බැහැර කිරීමට නොහැකි වනවා.

ටාඩිග්‍රේඩ් සත්වයෙක්
ටාඩිග්‍රේඩ් සත්වයෙක්. Credit: Nicole Ottawa & Oliver Meckes/Eye of Science/Wikimedia Commons

සාමාන්‍ය ජීවින්ට අහිතකර වන උශ්නත්ව, පීඩන, රසායනික තත්ව හමුවේ වුවද ජීවත් විය හැකි ක්ෂුද්‍ර ජීවී අකාර රාශියක් පෘථිවි අභ්‍යන්තරයේ, ගිනිකදු, උණුදිය උල්පත්, ආදිය ආශ්‍රිතව දැකගත හැකියි. මෙබදු ජීවී ආකාර වලට ජීවත්වීමට හිතකර පරිසර ගනනාවක් අප සෞරග්‍රහ මණ්ඩලය තුලම ඇති ග්‍රහයන් හා උපග්‍රහයන් ආශ්‍රිතව හදුනා ගත හැකියි. මීට උදාහරන ලෙස බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන් ගේ ඇතැම් උපග්‍රහයන් හැදින්විය හැකියි. යුරෝපා, ටයිටන්, එන්සෙලාඩස් වැනි චන්ද්‍රයන් තුල ද්‍රව ජලය අඩ0ගු සාගර පවතින බවට ඉතාමත් ප්‍රබල සාධක මේ වන විට ලැබී තිබෙනවා ඒ අනුව ජීවය යනු අප සිතනවාට වඩා විශ්වය තුල සුලභ ස0සිද්ධියක් වීමේ හැකියාව ඉහල විය හැකියි. ඒ සදහා සාධක නුදුරු අනාගතයේම අපට ලබාගැනීමට හැකි වනු ඇති.

සෙනසුරු ග්‍රහයාගේ උපග්‍රහයකු වන එන්සෙලාඩස්හි දක්ශින ධ්‍රැවාසන්නයේ ඇති ගීසරයක්. මෙය කැසිනි අභ්‍යවකාශ යානයේ පටු පරාස කැමරාවෙන් ලබාගත් ඡායාරූපයකි
සෙනසුරු ග්‍රහයාගේ උපග්‍රහයකු වන එන්සෙලාඩස්හි දක්ශින ධ්‍රැවාසන්නයේ ඇති ගීසරයක්. මෙය කැසිනි අභ්‍යවකාශ යානයේ පටු පරාස කැමරාවෙන් ලබාගත් ඡායාරූපයකි Credit: NASA

මෙහි මුල් ලිපිය මන්ත්‍රන වෙබ් අඩවියේ පලවූ අතර මෙතනින් එය කියවිය හැක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )