මීට වසර දහස් ගණනකට පෙර කුඩා මැගලානික් වලාකුලක තිබුණු මියයන තාරකාවක ආලෝකය පෘථිවියට ළඟාවී තිබෙනවා. සිද්ධිය පිළිබඳ කිසිදු වාර්තාවක් නොපවතින නමුත් එය අදටත් පුළුල් වන වායු හා දූවිලි වලාවක් ලෙස දැකියහැකි බව පර්යේෂකයන් පවසනවා. පිපිරුම ප්‍රතිනිර්මාණය කිරීමට සහ එහි වයස නිවැරදිව තීරණය කිරීමට තාරකා විද්‍යාඥන් යින් හබල් දුරේක්ෂය භාවිතා කරතිබෙනවා.
එම සුපර්නෝවා පිපුරුම අවුරුදු 1,700 කට පෙර සිදුවූවක් බවත් වසර 10කට පෙර එහි ලබාගත් ජායාරූපයක් හා වර්තමානයේ ප්‍රතිනිර්මාණය කල ජායාරූපය සැසඳීමෙන් ඒවායේ චලිතය භාවිතයෙන් එම පිපුරුම සිදුවුණු ස්ථානය හා පිපිරුම සිදුවූ කාලය ගණනය කර තිබෙන බව වාර්තා වෙනවා.
