චීනයෙන් ගුවන්ගතකෙරුණු ශුරෝන්ග් රෝවරය පසුගිය සිකුරාදා (2021-05-15) අන්තර්ජාතික වේලාව 23:00 GMT වනවිට අඟහරු වෙත ගොඩබැහැලා තියෙනවා. ඉන්පසු එහි සූර්‍ය පැනල දිගහැරී ක්‍රියාත්මක වී පළමු සංඥාව පෘතුවිය වෙත එවීමට විනාඩි 17ක් ගතවී තිබෙනවා. මෙම රෝවරය අඟහරු වෙත ගොඩබැසීමට පෙර කක්ෂගත කර තිබුනේ ටියන්වෙන්-1 යානය මඟින්.
ගොඩබැසීමෙන් පසු රෝවර් යානයෙන් ලබාගත් පළමු සෙල්ෆි ජායාරූපය චීන අභ්‍යවකාශ ඒජන්සිය මඟින් දින 4 කට පසු නිකුත්කරා. යානය මඟින් ලබාගත් වර්ණ ජායාරූපයක්, කළු සුදු ජායාරූපයක් සහ කුඩා ප්‍රමාණයේ වීඩියෝ 2 ක් දැනට ලැබී ඇතිබව ඔවුන් පවසනවා.
චීනය පවසන්නේ ශුරෝන්ග් කියන නමේ තේරුම ගින්නට අධිපති දෙවියන් බවයි.
අඟහරු වෙත ගොඩබැස්ස දෙවන යානය වන්නේ මෙයයි.

