අභ්‍යවකාශ දුරේක්ශයක් යන වචනය ඇසුන සැනින් බොහෝමයක් දෙනාගේ මතකයට නිරායාසයෙන්ම නැගෙන්නේ “හබල්” යන නාමයයි. අප්‍රේල් මස 24 වන දිනට අභ්‍යවකාශකර වසර තිස් එකක් සපිරෙන හබල් දුරෙක්ශය කක්ශගත කිරීම සිදුකරනු ලැබුවේ 1990 වර්ශයේ ඩිස්කවරි අභ්‍යවකාශ ශටලය යොදා ගනිමිනුයි. හබල් දුරදක්නයේ උපන්දිනයට සමගාමීව ඒ පිලිබද කරුනු කිහිපයක් ඔබ වෙන ගෙන එන්නයි මේ සූදානම.
අභ්‍යවකාශ දුරදක්නයේ ඉතිහාසය
හෑන්ස් ලිපර්ශි ප්‍රථම දුරදක්නය නිපදවීමත් සමගම එතෙක් දෘශ්‍ය නිරීක්ශන වලට පමනක් සීමාවී තිබූ තාරකා විද්‍යාවේ නව ප්‍රබෝධයක් ඇතිවුනා. පසුව ගැලිලියෝ ගැලිලි, අයිසැක් නිව්ටන් වැනි විද්‍යාඥයන් ගේ වැඩි දියුනු කිරීම් හේතුවෙන් දුරදක්නය තාරකා විද්‍යා නිරීක්ශන හා පර්යේශන සදහා අත්‍යාවශ්‍ය අoගයක් බවට පත්වු අතර, ඒ සමගින් පියවි ඇසින් නිරීක්ශනය කිරීමට නොහැකිව තිබූ නව තාරකා, ග්‍රහලෝක, උපග්‍රහයන්, වැනි නව සොයාගැනීම් මෙන්ම තාරකා ඡායාරූපකරනය, වර්ණාවලීක්ශ ක්‍රම, දීප්ත නිරීක්ශන ක්‍රම ආදී පර්යේශන ක්‍රමත් සීඝ්‍ර දියුනුවකට ලක් වුනා.
විසිවන සියවස මුල් භාගය වන විට තාරකා විද්‍යාඥයන් තම නිරීක්ශන සිදු කරේ නගර වලින් දුර බැහැරව, කදු මුදුන් මත ඉදි කල අර්ධ කවාකාර ගොඩනැගිලි තුල ඉදිකරන ලද සුවිසල් දුරදක්න ආධාර කරගෙනයි. එමගින් ආලෝක දූශනය අවම කරගනිමින් වඩාත් පැහැදිලි ලෙස අහස නිරීක්ශනය කිරිමට ඔවුන් උත්සාහ කලාද පෘථිවි වායුගෝලය නිසා මෙම නිරීක්ශන වලට විශාල බලපෑමක් එල්ල උනා. වායුගෝලයේ විචලන නිසා සිදුවන බොඳ වීම්, දීප්තිය අඩු තාරකා නිරීක්ශනය අපහසු වීම, මෙන්ම අධෝරක්ත, පාරජම්බුල, X කිරන නිරීක්ශන සිදු කිරීමට නොහැකි වීම මින් ප්‍රධාන කාරනා ලෙස හැදින්විය හැකියි.
මෙම ගැටලුවට විසදුමක් ලෙස රොකට්ටුවක් මගින් දුරදක්නයක් කක්ශගත කිරීම සිදුකල යුතු බව ජර්මානු විද්‍යාඥ හර්මන් ඕබර්ත් විසින් ප්‍රකාශයට පත් කරනු ලබනවා. මේ අනුව යමින් කුඩා අභ්‍යවකාශ දුරදක්න කිහිපයක්ම රුසියානු සමූහාන්ඩුව, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය, මෙන්ම අසල්වැසි ඉන්දියාවද කක්ශගත කරනු ලබනවා. මෙහි ඊලග පියවර ලෙස නාසා ආයතනය මගින් විශාල දුරදක්න ව්‍යාපෘතිය 1969 වසරේ ආරම්භ කරනු ලබනවා. ඒ අනුව අභ්‍යවකාශ ශටලයෙන් කක්ශගත කිරීමට හැකිවන ලෙස සහ වසර 15 ආයු අපේක්ශාවකින් යුක්තව සැලසුම් කරන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට 1977 ඇමරිකානු කොන්ග්‍රස් මන්ඩල අනුමැතිය ලැබෙනවා. වසර ගනනක් ප්‍රමාද වී සිදුවන විශාල දුරදක්න ව්‍යාපෘතියේ වැඩ 1985 වසරේ නිමවන අතර නිපදවූ දුරේක්ශය හබල් අභ්‍යවකාශ දුරේක්ශය ලෙස නම් කරනු ලබනවා.
කවුද මේ හබල් ?
එඩ්වින් පවෙල් හබල් (1889-1953) ඇමරිකානු තාරකා විද්‍යාඥයෙකි. එවකට ලොව විශාලතම දුරදක්නය වූ හූකර් දුරේක්ශය සවිකර තිබු කැලිෆෝනියාවේ මවුන්ට් විල්සන් නිරීක්ශනාගාරයේ සේවය කල ඔහු වැදගත් සොයා ගැනීම් කිහිපයක්ම සිදු කරන ලදී. විශ්වයේ අපගේ මන්දාකිනියට අමතරව තවන් මන්දාකිනි රැසක්ම පවතින බව ඔහු විසින් මුලින්ම නිරීක්ශනය කරන ලදී. එමෙන්ම එම මන්දාකිනි අතර දුර ක්‍රමක්‍රමයෙන් වැඩිවන බවද වැඩිදුර නිරීක්ශන මගින් ඔහු හදුනා ගන්නා ලදී. ඒ අනුව විශ්වය ප්‍රසාරනය වන බව තහවුරු වූ අතර එමගින් විශ්වයේ ඇරඹුම පිලිබද කරුනු රැසක් අනාවරන කර ගන්නා ලදී. සාපෙක්ශතාවාදය සදහාද හබල් ගේ නිරීක්ශන මහෝපකාරීවීම හේතුවෙන් මහාචාර්ය්‍ය ඇල්බට් අයින්ස්ටයින් පුද්ගලිකව ඔහුට ස්තූතිවන්ත වී ඇත.

හබල් මෙහෙයුම්
1986 වසරේ සිදුවන චැලෙන්ජර් අභ්‍යවකාශ ශටලය පුපුරා යාම නිසා සිදුවන අනතුරින් ගගනගාමීන් හත් දෙනෙක් ජීවිතක්ශයට පත්වන අතර ශටල වැඩසටහනද වසර දෙකකට නතර වීමට එය හේතුවනවා. මේ නිසා 1985 වැඩ නිම වුවද හබල් දුරදක්නය කක්ශගත වන්නේ 1990 වසරේ අප්‍රේල් 24 ඩිස්කවරි අභ්‍යවකාශ ශටලය මගින්. ඉන්පසු දුරදක්නයේ දත්ත පරික්ශා කර බැලීමේදී බලාපොරොත්තු වූ ලෙස උසස් තත්වයේ ඡායාරූප ලැබෙන්නේ නෑ. එයට හේතුව දුරදක්නයේ ප්‍රාථමික දර්පනයේ ගැටලුවක් ලෙස හදුනා ගන්නා අතර ඊට පිලියම් කිරීම සදහා සේවා මෙහෙයුමක් 1993 වසරේදී දියත් කරනු ලබනවා. ඉන්පසුව සාර්ථක ලෙස ක්‍රියාත්මක වන දුරේක්ශයේ තවත් අලුත්වැඩියාවන් 1997 සහ 1999 වසරේ සිදු කරනු ලබනවා. හබල් දුරේක්ශයේ අවසන් අලුත් වැඩියාව සිදු කෙරෙන්නේ 2009 වර්ශයේදීයි.

හබල් දුරදක්නයේ සොයා ගැනීම්
හබල් දුරදක්නය ඔස්සේ සිදුකර ඇති නව සොයාගැනීම් පිලිබද තොරතුරු ඉදිරිපත් කිරීමට මෙබදු කෙටි ලිපියක් ප්‍රමානවත් වන්නේ නෑ. මේ වන විට හබල් දුරදක්නයේ විවිධ ආකාශ වස්තූන් 40,000 පමන නිරීක්ශනය කර ඇති අතර එම නිරීක්ශන ඇසුරින් රචිත පර්යේශන පත්‍රිකා ප්‍රමානය 18,000 ඉක්මවනවා.
දුරදක්නයකින් අහස නිරීක්ශනය කිරීම යනු අතීතය නිරීක්ශනය කිරීමකට සමාන වනවා. උදාහරනයක් ලෙස අපට ආලෝක වර්ශ 100 ඈතින් ඇති තරුවක් නිරීක්ශනය කලහොත් දකින්නට ලැබෙන්නේ මීට වසර සියයකට පෙර එම තරුව පැවතුන ආකාරයයි. තාරකා විද්‍යාඥයන් හබල් දුරේක්ශය මහ වලසා තාරකා මන්ඩලයේ හිස් අවකාශයක් වෙත 1995 යොමු කර ඡායාරූපයක් ලබා ගත් අතර එය සකසා බැලූ කල පෙනී ගියේ එය මන්දාකිනි 3000 පමන පිරී ඇති බවයි. විශ්වයේ ආරම්භක අවස්ථා වල පැවති, ඉතාමත් දුරින් පිහිටි, ඇතැම් නව මන්දාකිනි කෙතරම් තරුණද යත් ඒවායේ තාරකා ඇතිවීම පවා ආරම්භ වී තිබුනේ නෑ. මෙය හබල් ගැබුරු ක්ශේත්‍ර ඡායාරූප ලෙස නම් කෙරුන අතර ඊට සමාන තවන් නිරීක්ශනයන් පසුව 2004 සිදු කරනු ලැබුවා.

මීට අමතරව හබල් දුරදක්නය මගින් සෙෆියිඩ් යනුවෙන් හදුන්වනු ලබන විචල්‍ය තාරකා වල මිනුම් මගින් මහා පිපුරුම සිදුවූ කාලය මීට වසර බිලියන 13.7 ලෙස නිවැරදිව ගනනය කිරීමට විද්‍යාඥ්යන්ට හැකිවුනා. එමෙන්ම තාරකා සහ මන්දාකිනි වල ජීවන චක්‍ර පිලිබද වැදගත් තොරතුරු ගනනාවක් ගවේශනයට හබල් දුරදක්නයේ නිරීක්ශන උපකාරී වුනා.
දෘශ්‍ය ආලෝකය මගින් සූර්ය්‍ය ග්‍රහ මන්ඩලයට එපිටින් පිහිටි ෆෝමැල්හට් B ග්‍රහලොවේ ඡායාරූප ලබා ගැනීමට 2008 වසරේ හබල් දුරේක්ශය සමත් වුනා. අප සූර්ය්‍ය ග්‍රහ මන්ඩලයේද ග්‍රහලෝක කීපයකම සුවිශේශි ඡායාරූප ලබා ගැනීමටද හබල් දායක වී තිබෙනවා. ඒ අතර 1994 වසරේ බ්‍රහස්පති ග්‍රහයා මතට කඩා වැටුන ශූ මාකර් ලෙවි වල්ගාතරුව, බ්‍රහස්පති ග්‍රහයා ගේ චන්ද්‍රයකු වන යුරෝපා උපග්‍රහයා ගෙන් නිකුත් වන ජල ධාරාවන්, ප්ලූටෝ ග්‍රහයා ගේ නික්ස් හා හයිඩ්‍රා යන උපග්‍රහයන් ආදිය විශේෂයෙන් සදහන් කල හැකියි.
මීට අමතරව කාල කුහර, විශ්වයේ ප්‍රසාරන සීග්‍රතාවය, අදුරු පදාර්ථය, වැදගත් කරුනු ගනනාවක් අනාවරනය කර ගැනීමට හබල් දුරේක්ශය ඉවහල් වී තිබෙනවා.
හබල් දුරදක්නය ගැන රසවත් කරුනු කිහිපයක්
- හබල් දුරදක්නය අයත් වන්නේ කැසිග්‍රේන් යන දුරේක්ශ මාදිලියටයි. මෙම දුරදක්න වල ආලෝකය හැසිරවීමට දර්පන යොදා ගනු ලබනවා.
- හබල් දුරදක්නයේ දර්පන තනා ඇත්තේ වීදුරු මත ඇලුමිනියම් ආලේප කිරීම මගිනුයි.
- හබල් කක්ශගත වී ඇත්තේ පෘථිවියට කිලෝමීටර 540 ඉහලින් වන අතර එහි වේගය පැයට කිලෝමීටර 27,300 වනවා.
- දුරේක්ශයේ සූර්ය්‍ය පැනල මගින් ජනිත කරන විදුලි බලය වොට් 5,500 වන අතර සාමාන්‍ය විදුලි පරිභෝජනය වොට් 2,100 වෙනවා. එනම් ආසන්න වශයෙන් අප නිවසේ භාවිතා කරන විදුලි ස්ත්‍රික්ක දෙකකට පමන විදුලි පරිභෝජනයට සමාන වෙනවා.
- නිකල් හයිඩ්‍රජන් බැටරි හයකින් යුක්ත දුරේක්ශයේ විදුලි බල ධාරිතාවය මෝටර් රථ බැටරි විස්සක ධාරිතාවයට සමාන වනවා.
හබල් දුරේක්ශය සතියකට ජනනය කරන දත්ත ප්‍රමානය ගිගා බයිට් 120 ආසන්න වනවා.

Sources
https://www.biography.com/news/edwin-hubble-biography-facts
https://hubblesite.org/
https://www.space.com/15892-hubble-space-telescope.html
https://www.nasa.gov/content/discoveries-why-a-space-telescope
මෙහි මුල් ලිපිය මන්ත්‍රන වෙබ් අඩවියේ පලවූ අතර මෙතනින් එය කියවිය හැක.