නාසා ආයතනය සහ Space X සමාගම Demo 2 මෙහෙයුම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත දියත් කල අයුරු පසුගිය දිනක අප වාර්තා කලා. එහි අවසානය සනිටුවහන් කරමින් නාසා ගගනගාමින් සුරක්ශිතව අගෝස්තු 3 වන දින යලි පෘථිවියට ලගා උනා. ඒ සමගම ගගන ගාමීන් ප්‍රවාහනය සදහා තවදුරටත් මිල අධික රුසියානු සෝයුස් යානා භාවිතා කිරීමට ඇමරිකාවට සිදු නොවනු ඇති. සෝයුස් යානා වෙනුවෙන් එක් ගගනගාමියකු වෙනුවෙන් ගෙවිය යුතු මිල ආසන්න වශයෙන් ඩොලර් මිලියන 90 පමන වනවා.
තත්ව පරික්ශන කිහිපයකට පසු මෙම යානයම නැවත මීලග සැප්තැම්බරයේ යලි අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙන පියාසර කරනු ඇති. ඉදිරි නාසා මෙහෙයුම් සියල්ලම පාහේ සිදු කෙරෙනු ඇත්තේ පුද්ගලික අභ්‍යවකාශ සමාගම් හරහා වන අතර මේ වන විට ඒ සදහා කොන්ත්‍රාත් සමාගම් ලෙස බෝයිo සහ Space X සමාගම් කටයුතු කරනවා.