
මේ දිනවල පෘථිවිය සහ අගහරු අතර පවතින්නේ ගවේශන යානා සදහා ඉතාමත් හිතකර පිහිටුමක්. එම නිසා රටවල් තුනකින්ම අගහරු ගවේශන යානා දියත් කිරීම් සිද්ද කරනු ලැබුවා. ඇමරිකානු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යන් ගේ පර්යේශන ගැන අප තොරතුරු රැගෙන ආවා. අද ලිපිය චීනයේ නවතම අගහරු ගවේශන යානය පිලිබදවයි.
මේ වන විට අගහරු ගවේශනයේ ඉදිරියෙන්ම සිටින්නේ එක්සත් ජනපදයයි. මීට පෙර යුරෝපා සoගමය සහ සෝවියට් සoගමය මගින් සිදුකල අගහරු භූමි ගවේශන යානා එතරම් සාර්ථක වුයේ නැහැ. මෙම ගවේශනය සාර්තක වුවහොත් අගහරු මත ගොඩබා ක්‍රියාත්මක කල දෙවන සාර්තක රාජ්‍යය බවට චීනය පත්වනවා.
ටියෙන්වෙන් 1 යනුවන් නම් තබා ඇති මෙම මෙහෙයුමට අගහරු කක්ශ යානයක්, ලෑන්ඩරයක් සහ රෝවරයක් යන කොටස් තුනකින් යුක්ත වනවා. මෙය පසුගිය 23 වනදා චීනයේ වෙන්චෙන්ග් අජටාකාශ ගුවන් තොටුපලෙන් අභ්‍යවකාශ ගත කරන ලද්දේ චීන ලෝන්ග්මාච් 5 රොකට්ටුවක් ආධාර කරගනිමිනුයි.
මාස හතක ගුවන් කාලයකට පසු අගහරු වෙන පැමිනෙන මෙම යානය මගින් අගහරු ග්‍රහයා සිතියම්ගත කිරීම සහ භූවිද්‍යා පර්යේශන සිදු කරනු ඇති.