ජුලි 30 වෙනිදා අගහරු ග්‍රහයා වෙත ගමන් කරන නවතම නාසා රෝවරය ඇමරිකාවේ කේප් කැනවරල් ගුවන් හමුදා කදවුරෙන් පිටත් වුයේ ඇට්ලස් 5 රොකට්ටුවක් මගිනුයි. Mars 2020 Perseverance rover ලෙස නම් කර ඇති මෙම රෝවරයේ විශේශත්වය නම් එය සමග අඩoගු කර ඇති “ඉන්ජෙනුයිටි” හෙලිකොප්ටර් යානයයි. මෙය වෙනත් ග්‍රහලොවක් මත ගමන් ගන්නා ප්‍රථම ගුවන් යානය බවට පත් වනු ඇති. පෘථිවි වායුගෝලයට සාපෙක්ශව 1% පමන වන තුනී වායුගෝලයක් හිමි අගහරු ග්‍රහයා මත ගුවන් යානයක් ගමන් කරවීම තාක්ශනික ලෙස තරමක් අපහසු කාර්ය්‍යක් වනවා. ඊට විසදුමක් ලෙස මිනිත්තුවකට වට 2400 වන වේගවත් තල බැමුම් අගයක් සහ 1.8 kg වන සැහැල්ලු බරකින් යුක්ත ලෙස මෙම හෙලිකොප්ටරය නිමවා තිබෙනවා. මූලික පර්යේශන ව්‍යාපෘතියක් වන මෙමගින් අනාගත අගහරු ගවේශන සදහා වන භූගෝලිය නිරීක්ශන සහ මාර්ග සැලසුම් සදහා අවශ්‍ය දත්ත ලබා ගැනීම සිදු කෙරෙනු ඇති.