මැද පෙරදිගින් දියත් වන මුල්ම අන්තර් ග්‍රහලෝක ගවේශන යානය වන හෝප් චන්ද්‍රිකාව කක්ශගත කිරීම පසුගියදා සිදුවුනා. මෙම යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිමැවුමක් වන අතර කක්ශගත කරනු ලැබුවේ මිට්සුබිශී සමාගමේ රොකට්ටුවක් අධාර කරගෙනයි. ජුලි 19 වන ඉරිදා ජපානයේ ටනිගශීමා අභ්ය්යවකාශ මධ්යස්තානයෙන් මෙම රොකට්ටුව ගුවන් ගත කරනු ලැබුවා. මෙම යානය ලබන වසරේ පෙබරවාරි වන විට අගහරු ග්‍රහයා වෙත ලගා වීමට බලාපොරොත්තු වනවා. මෙම යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 50 වන සන්වත්සරයට සමගාමීව අගහරු වෙත ලගා වීමට නියමිතයි. මීට අමතරව චීනය සහ නාසා ආයතනය මගින් නුදුරේදීම තවත් අගහරු මෙහෙයුම් දෙකක් සිදු කිරීමට නියමිතයි.