වානිජ අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් NASA ආයතනය හා Space X සමාගම මගින් Space X Demo 2 මෙහෙයුම සාර්තකව සිදු කරමින් පවතිනවා. මෙය මැයි 27 දියත් කිරීමට නියමිතව පැවතුනද අයහපත් කාලගුනය නිසා මෙහෙයුම කල් දැමීමට සිදු උනා. අයහපත් කාලගුනය හමුවේ වුවද අවසානයේ නව Dragon අභ්‍යවකාශ යානය සහිත ෆෝල්කන් 9 රොකට්ටුව මැයි 30 අභ්‍යවකාශ ගත කිරීම සාර්තකව සිදු කරනු ලැබුවා.
එකවර ගගන ගාමින් 7 රැගෙන යා හැකි Dragon අභ්‍යවකාශ යානය මෙම මෙහෙයුමින් පසු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්තානයට ගගනගාමින් ප්‍රවහනය කල ප්‍රථම පුද්ගලික අභ්‍යවකාශ යානය බවට පත්වනු ඇති. සාර්තකව කක්ශගතවී ඇති යානය 31 වන දින අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ලගා වීමට නියමිතයි.
2011 වසරේ ශටල ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු නාසා ආයතනයට තම අභ්‍යවකාශ ගමන් සියල්ලම රුසියානු සෝයුස් යානා හරහා දියත් කිරීමට සිදු වුනා. ඊට විසදුමක් ලෙස පුද්ගලික සමාගම් සමග වානිජ අභ්‍යවකාශ යානා නිපදවීමට නාසා ආයතනය 2014 වසරේ ගිවිසුම් වලට එලබි අතර ඒ අනුව ස්පේස් X ආයතනය සහ බෝයිo සමාගම් මේ සදහා තෝරා ගනු ලැබුවා. නාසා සහ පුද්ගලික ආයතන වල සහයෝගි ව්‍යාපෘති ලෙස 2030 වසරේ මානව අගහරු ගවේශන සිදු කිරීම මෙම වැඩසටහනේ අවසන් අරමුන වනවා