ඇපලෝ 13

ඇපලෝ 13 චිත්‍රපටය
ඇපලෝ 13 චිත්‍රපටය

13 කියන්නේ අශුභ ඉලක්කමක් කියලා විශ්වාසයක් තියනවානේ. නාසා ආයතනය දියත් කරපු ඇපලෝ ව්‍යාපෘතියේත් එහෙම සිදුවීමක් උනා. සද මත පා තබන්නට සැලසුම් කර තිබුන මෙම ඇපලෝ 13 මෙහෙයුම අතර මැද නතර කරන්නට සිදු වුනේ සේවා මොඩියුලයේ ඔක්සිජන් ටැන්කිය පුපුරා යාම නිසායි. මේ නිසා ගගන ගාමීන්ට සේවා මොඩියුලය අත හැර දමා චන්ද්‍ර මොඩියුලයට මාරු වන්නට සිදු වනවා. කරදර එතනින් නිමා වෙන්නේ නැහැ.

ඔක්සිජන් නැති වීම නිසා ඔවුන්ට විදුලි බලය නිපදවීම සහ ශ්වසනය කිරීම පිලිබද බරපතල ගැටලුවකට මුහුන දෙන්නට වෙනවා. මීට අමතරව ඔවුන් භාවිතා කරන චන්ද්‍ර ගවේශන මොඩියුලය ගගන ගාමීන් දෙදෙනකුට පමනක් ගමන් කිරීමට පමනක් සැලසුම් කර තිබීම ගැටලු තවදුරටත් උග්‍ර කිරීමට හේතු වෙනවා.

ඇපලෝ 13 ගගන ගාමින් කෙසේ තම ගැටලු විසදා ගනීද? නාසා ආයතනය මෙම යානය නිරුපද්‍රිතව පෘතුවියට ගෙන්වා ගනීද? මෙම සියල්ලටම පිලිතුරු මෙම ඉතිහාසගත සිදු වීම ඇසුරින් නිර්මිත ඇපලෝ 13 චිත්‍රපටය නැරබීම තුලින් ලබා ගත හැකි වෙයි.

වත්මන් කොරෝනා අවධනම නිසා නිවෙස් වලටම රැදී සිටින ලෙස තාරකා විද්යා ලෝලී ඔබෙන් අප ඉල්ලා සිටිනවා. ඇපලෝ 13 අන දෙන නිලධාරියා ලෙස කටයුතු කල ජිම් ලොවෙල් ගේ චරිතය මෙම චිත්‍රපටයේ නිරූපනය කරන්නේ ප්‍රසිද්ධ හොලිවුඩ් නලු ටොම් හෑන්ක්ස් විසින්. ඔහුද පසුගිය දා කොරෝනා ආසාදිත තත්වයට පත්වූ අතර මේ වන විට සුවය ලබමින් සිටින බව වාර්තා වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )