Salyut 7- අභ්යවකාශ මoකොල්ලකරුවෝ

සැල්යුට් 7  චිත්‍රපටය
සැල්යුට් 7 චිත්‍රපටය

ඇදිරි නීතිය නිසා ගෙවල් වලට වෙලා ඉන්න තාරකා විද්යා ලෝලී ඔබ වෙනුවෙන් අපුරු සිනමා පටයක් ගැන කියන්න හිතුනා. එක්සත් ජනපදය හා සෝවියට් දේශය අතර තිබුන සීතල යුද්ධයේ ප්‍රතිපල විදිහට අභ්යවකාශ තාක්ශනයේ ලොකු වර්ධනයක් සිද්ද උනා. 1969 නීල් ආම්ස්ට්‍රොන්ග් චන්ද්‍රයා මත පා තැබීම හැරුනු කොට සෙසු සියලුම වගේ අභ්යවකාශ ගවේශන සන්දිස්තාන අත්පත් කර ගත්තේ සෝවියට් දේශයයි.අභ්යවකාශ ගතවු ප්‍රථම චන්ද්‍රිකාව (ස්පුට්නික් 1), අභයවකාශ ගතවු ප්‍රථම ජීවියා (ලයිකා), අභයවකාශ ගතවු ප්‍රථම ගගන ගාමියා (යූරී ගගාරින්), අභයවකාශ ගතවු ප්‍රථම ගගන ගාමිනිය (වැලන්ටිනා තෙරස්කෝවා), ප්‍රථම අභයවකාශ ඇවිදීම (ඇලෙක්සි ලියනොෆ්), ප්‍රථම චන්ද්‍ර රෝවරය (ලුනකොඩ්) මීට උදාහරන. ඒ වගේම ලෝකයේ මුල්ම අභ්යවකාශ මද්යස්තානය (සැල්යුට් 1)ඉදිකිරීමට අමතරව අද දක්වාම අභ්යවකාශ මද්යස්තාන ගොඩනැන්වීමේ හොදම තාක්ශනය ඔවුන් සතුව පවතිනවා.

අද පවතින අන්තර්ජාතික අජටාකාශ මධ්යස්තානය සිවිල් පර්යේශන සදහා යොදා ගත්තත් සීතල යුද සමයේ රුසියානු අභ්‍යවකාශ මධ්යස්තාන යුද පර්යේශන වලට යොදා ගත්තා. උදාහරනයක් විදිහට සැල්යුට් 3 අභ්‍යවකාශ මධ්යස්තානය පිටතින් සවි කල මිලිමීටර 30 කාලතුවක්කුවකින් සමන්විත උනා.

හිසරදයක්ව පවතින තමන්ට වඩා උසස් තත්වයේ තාක්ශනයන් කෙසේ හෝ අත්පත් කර ගැනීමට මාන බලන එක්සත් ජනපදය අමුතුම දෙයක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. එනම් තාක්ශන දෝශයක් නිසා ක්‍රියා විරහිත වන සෝවියට් සැල්යුට් 7 අභ්‍යවකාශ මධ්යස්තානය කක්ශගතව තිබියදීම චැලෙන්ජර් අභ්‍යවකාශ ශටලය මගින් සොරකම් කර ඇමරිකාවට රැගෙන ඒමයි.

ඇමරිකානුවන්ට තම අදහස ඉටු කර ගන්නට ලැබෙයිද? සත්ය ඉතිහාසගත සිදුවීමක් ඇසුරෙන් නිර්මිත විද්යා ප්‍රබන්ධයකටත් වඩා අපූරු මෙම චිත්‍රපටය නැරඹීම මගින් එම පැනයට පිලිතුරු ලබා ගැනීමට හැකි වනු ඇති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )