චීනය මගින් සදට යැවු යුටූ 2 රෝවරය මගින් අසාමාන්ය වර්නයකින් යුක්ත ජෙල් වැනි ද්‍රවයක් සොයා ගෙන තිබෙනවා. මෙම ද්‍රව්ය හමුවී තිබෙන්නේ කුඩා චන්ද්‍ර ආවාටයක් තුලයි. මෙම සොයා ගැනීම සමග එහි ඉදිරි මෙහෙයුම අවලන්ගු කර ඇති අතර රෝවරයේ දෘශ්‍ය සහ අධෝරක්ත වර්නාවලීක්ශ උපකරන ආධාරයෙන් මෙම ද්‍රව්යේ සන්යුතිය හදුනා ගැනීමට කටයුතු කිරීමට නියමිතයි.
මෙම ද්‍රවයයේ සම්භවය පිලිබදව වැඩි විස්තරයක් චීන අජටාකාශ ආයතනය මගින් ප්‍රකාශ කර නැතත් චන්ද්‍ර පෘශ්ථය මතට පතිත වන උල්කාශ්ම හේතුවෙන් ද්‍රව බවට පත් වු වීදුරු වැනි ද්‍රවයක් විය හැකි බවට මත පල වනවා.