ලොව දැනට භාවිතා වන බලසම්පන්නම රොකට්ටුව වන ෆෝල්කන් හෙවී සිය ප්‍රථම පර්යේෂණ පියාසැරිය පසුගිය සතියේ සිදුකරනු ලැබුවා. ටොන් 64 කක්ෂගත කිරීමට තරම් ප්‍රබල මෙම රොකටුව බලසම්පන්න වන අතර මීට දෙවැනි වන ඩෙල්ටා 4 වර්ගයේ රොකට්ටුවකට හැකියාව ඇත්තේ මෙම ස්කන්ධයෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් කක්ෂගත කිරීමට පමණයි. මෙම පියසරියට ඔවුන් භාවිතා කරන ලද්දේ නාසා ආයතනයේ කෙනඩි අභ්‍යවකාශ මධ්යස්ථානයේ LC 39 දියත් කිරීමේ අංගනයයි. මෙහි විශේෂත්වය වන්නේ ඇපලෝ 11 ඇතුළු චන්ද්‍ර ගවේෂණ යානා දියත් කිරීමට නාසා ආයතනයේ සැටර්න් 5 රොකට්ටු ගුවන් ගත කිරීමට යොදා ගන්නා ලද්දේත් මෙම අංගනයම වීමයි.
අදියර දෙකකින් සමන්විත මෙම රොකට්ටුවේ අනික් සුවිශේෂී කරුණ වන්නේ දෙවන අදියර ක්‍රියාත්මක වූ පසු මුල් අදියරේ බුස්ටර් කොටස් දෙක සහ ප්‍රධාන රොකට්ටුව යලිත් ස්වයංක්‍රීයව ගොඩබැසීමයි. කෙසේවුවත් මුල් අදියර ක්‍රියාත්මක වූ පසු යලි ගොඩ බෑමට හැකි වුයේ බුස්ටර් රොකට්ටු පමණයි.
සාමාන්යෙන් මෙබදු පර්යේෂණ පියාසැරියක් තුලදී dummy load ලෙස හැඳින්වෙන නිශ්චිත ස්කන්ධයකින් යුක්ත වස්තුවක් චන්ද්‍රිකාව හෝ අභ්‍යවකාශ යානයක් අනුරුපනය කරමින් ගුවන් ගත කරනු ලබනවා. මෙම පියාසැරිය සඳහා ඔවුන් dummy load එක ලෙස භාවිතා කලේ ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ ඉලෝන් මසක් ගේ ටෙස්ලා සමාගමේ නිමවුමක් වන ටෙස්ලා රෝඩ්ස්ටර් වර්ගයේ මෝටර් රථයක්. ඒ තුල ස්පේස් එක්ස් සමාගම ඉදිරි අභ්‍යවකාශ ගවේෂණ සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන අභ්‍යවකාශ ඇඳුමක් ද අන්තර්ගත වුණා. ඔවුන් මෙය හැඳින්වුයේ ස්පේස් මෑන් ලෙස.
මෙම මෝටර් රථය හා අභ්‍යවකාශ ඇඳුම අඟහරු ග්‍රහයා සහ ඇස්ටරොයිඩ් පටිය වෙතට අනාගතයේ ලඟා වනු ඇති. එහි සජීවී තත්වය ඉහත සබැදියෙන් නිරීක්ෂණය කල හැකියි.