අධි පුර පසළොස්වක දිනයක් වන ජනවාරි 31 දිනයේ පුර්ණ චන්ද්‍රග්රණය නැරඹීමට ශ්‍රී ලංකා වාසීන්ට හැකි වී තිබෙනවා. එදිනට සවස 6.13 ට චන්ද්‍රයා පැයීම ඇරඹෙන අතර චන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ 6.21 ටයි. පුරා පැය තුනකට අධික කාලයක් පවතින මෙම චන්ද්‍රග්‍රහණයේ උපරිමය උදා වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.59 ටයි. මෙම චන්ද්‍රග්‍රහණය, පුර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස බොහෝ යුරෝපා රටවලට, බොහෝ ආසියාතික රටවලට, ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව සහ ඇන්ටාක්ටිකාවට දර්ශනය වීමට නියමිතයි.
