ක්ෂුද්‍ර ගුරුත්වය ගැන අපුරු කාරණා පහක්

විශ්වයේ චලිතය තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ ගුරුත්වාකර්ෂණය බලයයි. එය අප පොලව මත රදවා තබා ගන්නවා මෙන්ම, චන්ද්‍රයා පොලව වටාත්, පොලව හිරු වටාත් කක්ෂගත කර රදවා ගනී.

අභ්‍යවකාශයේ ගුරුත්වය නොපවතින බව බොහෝ දෙනා සිතුවද එය වැරදි කරුණකි. මානව අභ්‍යවකාශ ගමන් සඳහා යොදා ගන්නා කක්ෂය පොලව මතුපිට සිට සැතපුම් 120 – 360 අතර උසකින් පිහිටා ඇත. සඳට ඇති දුරින් 1.8% පමණ වන මෙම මට්ටමේ පවා ප්‍රබල ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවයක් පවතී. පොලව මතුපිට ගුරුත්වයෙන් 88.8% පමණ ප්‍රතිශතයක් පොලවට සැතපුම් 250 ඉහල කක්ෂයක අත්දැකිය හැක. ෂටල යානා සහ අභ්‍යවකාශ මද්‍යස්ථාන පෘටිවිය වටා කක්ෂගත කර තබා ගන්නේ මෙම ගුරුත්වාකර්ෂණ බලය මගිනි.

  1. ක්ෂුද්‍ර ගුරුත්වය නිසා ඔබේ ඔලුව ඉදිමේ.

පොලව මතදී ගුරුත්වය නිසා සිරුරේ තරලයන් දෙපා දෙසට යොමු කරනු ලබයි. නමුත් ක්ෂුද්‍ර ගුරුත්ව තත්වයෙදී මෙම තරලයන් දේහය පුරා පැතිරී යාම සිදුවේ. මේ නිසා අභ්‍යවකාශ ගාමින් ගේ හිස් ඉදිමීමට ලක්වේ.

  1. ක්ෂුද්‍ර ගුරුත්වය නිසා බර රහිත බව ඇති නොවේ.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුල බර රහිත බව අත්දැකිය නොහැක. ඊට හේතුව පොලව මත මෙන් 90% ගුරුත්වාකර්ෂණය බලයක් එය මත බලපාන බැවිනි. නමුත් එය තුල ගගනගාමීන් පාවෙන්නේ එය ගුරුත්වය ඔස්සේ නිදහසේ පතිතවන චලනයක යෙදෙන බැවිනි.

  1. අභ්‍යවකාශයේ සැම තැනටම ගුරුත්වය බලපායි.

ස්කන්ධයක් සහිත වස්තුවකින් ඉවතට ගමන් කරන විට එයින් ඇති කරන ගුරුත්වාකර්ෂන බලපෑම අඩු වේ. නමුත් අභ්‍යවකාශයේ සැම තැනටම ගුරුත්වය බලපායි. සුර්යා හෝ ක්ශීරපථය නිසා නිරන්තරයෙන් ගුරුත්ව බලපෑමකට යටත් වීමට සිදුවේ.

  1. ක්ෂුද්‍ර ගුරුත්වය නිසා උස යාම සිදුවේ

ක්ෂුද්‍ර ගුරුත්වය නිසා කොඳු ඇට පෙලේ ඇති කශේරුකා අතර පරතරය වැඩි වේ. එම නිසා පොලව මතදී ට වඩා අභ්‍යවකාශයේ දී ඔබේ උස වැඩිවේ.

  1. වතුර අමුතු අන්දමින් නැටීම සිදුවේ.

පොලව මතදී නටන ජලය, දිය බුබුළු සදමින් දිය මතුපිටට පැමිණියද ක්ෂුද්‍ර ගුරුත්වයේදී සංවහනය හා උත්ප්ලාවකතාවය රහිත වීම නිසා නටන ජලයේ දිය බුබුළු ජලය තුලම රැඳී පවතී.

කෙන් එකොට් ගේ මෙම ලිපිය ඇසුරිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )