ඔබ කැමතිද ඔබටම කියා රොකට්ටුවක්, අභ්‍යවකාශ යානයක් සැලසුම් කර ගුවන් ගත කරන්නට. නොඑසේ නම් ඇපලෝ වොස්ටොක් වැනි අභ්‍යවකාශ වයාපෘති නැවත ප්‍රතිනිර්මාණය කරන්නට? ග්‍රහලෝක ගවේෂණය කරන්නට? චන්ද්‍රිකා කක්ෂගත කරන්නට? ග්‍රාහක වල ගමන් මාර්ග වෙනස් කරන්නට?
මේ සියලු දේ අත්හදා බලන්න පුළුවන් පරිගණක ක්‍රීඩා හා අනුකාරක මෘදුකාංගයක් තමයි Kerbal space program කියලා කියන්නේ. මේකේ කතාව දිගහැරෙන්නෙ කර්බින් කියන ග්‍රහලෝකයේ ඉන්න කර්බල් කියන මිනිසුන්ට සමාන පිටසක්වල ජීවින් පිරිසකගේ අභ්‍යවකාශ ගවේෂණය ව්‍යාපෘතිය තුලින්. ක්‍රීඩකයාට සිදු වෙනවා අනුක්‍රමයෙන් මේ ව්‍යාපෘතිය ඉදිරියට අරන් යන්න. මේ කර්බින් කියන ග්‍රහලෝකේ සැහෙන්න පෘතුවියට සමානයි. ඒ විතරක් නෙවෙයි කර්බින් ග්‍රහලෝකේ පිහිටලා තියන ග්‍රහ මණ්ඩලයත් සැහෙන දුරට අපේ සෞර ග්‍රහ මණ්ඩලය වගේ තමයි. ඉතින් කැමති නම් කර්බල් පරිගණක ක්‍රීඩාව හරහා රොකට්ටු, ගුවන් යානා, අභ්‍යවකාශ යානා, රෝවර අත්හදා බලන්න. වැඩි විස්තර මේ වෙබ් අඩවියෙන් බලන්න. මෙන්න සම්පුර්ණ මෘදුකාංගය ගන්න ටොරන්ට් ලින්ක් එක.
Minimum specifications:
Processor: Core 2 Duo.
Memory:3 GB RAM.
Graphics:SM3 512MB VRAM.
Hard Drive:1 GB HD space.
One of the following OSes: Windows XP, Vista, 7, 8 or 10. Mac OS X 10.6 or higher. A Debian-based Linux distro. The game will also work with many other distros (such as Ubuntu, Mint, Arch, Fedora(rpm), or Gentoo).
Keep it up…. Good work…..
කැමතියිකැමතියි
Thank you very much
කැමතියිLiked by 1 person