පෘථිවියට පරිබාහිරින් පැමිණි සුවිශේෂී අමුත්තන් කීපදෙනෙක් අප සංගමයට පසුගිය දිනවල එක් වුනා. ඔවුන් පෘටිවිය විවිධ ස්ථාන වෙතට ගොඩබැස තිබුන අතර ඇතැම්වා වසර මිලියන ගණනක් පැරණි වුණා. අපි මේ අමුත්තන් එකිනෙකා හඳුනා ගනිමු.
- නාදන් යකඩ උල්කාෂ්මය
මෙය චීනයේ ගුනක්ෂි ප්‍රාන්තයේ නාදන් ගම්මානයට වැටී ඇත්තේ 1516 වසරේදී වන අතර නිකල් හා යකඩ සංයුතියෙන් යුක්ත වෙනවා. මෙහි මතුපිට ත්‍රිකෝණාකාර ස්පටිකමය රටාවකින් යුක්ත වන අතර එය “වින්ඩ්මෑන්ස්ටෙන් රටා” නොහොත් තොම්සන් ආකෘති ලෙස හඳුන්වනවා. මේවා මෙම වර්ගයේ උල්කාෂ්ම වලට ආවේණික ලක්ෂණයක්.
- මොරොක්කෝ පාෂාණ උල්කාෂ්මය
මෙය දකුණු මොරොක්කෝවේ රිසානි ප්‍රදේශයට මීට වසර කිහිපයකට පෙර පතිත වුවක්. මෙම උල්කාෂ්මය පාෂාණමය වන අතර යම් ප්‍රමාණයකට කොන්ද්රයිට් සහ යකඩ සංයෝග වලින් සමන්විත වනවා.
- වියට්නාමයෙන් හමුවූ ටෙක්ටයිට් උල්කාෂ්මය
මෙම ටෙක්ටයිට් වර්ගයේ උල්කාෂ්ම නිර්මාණය වන්නේ පෘටිවියට පරිබාහිරින් අභ්‍යවකාශයේ සිදුවූ ග්රාහක ඝට්ටනය වූ පසු නිකුත්වන විශාල ශක්තිය හේතුවෙන් ක්ෂණිකව ද්‍රව වී නැවත ඝනීභවනය වූ පාෂාණ මගින්. සාමාන්යෙන් මේවා වසර මිලියන ගණනක් පැරණි වෙනවා. මීට අමතරව චන්ද්‍රයා මත සිදුවුවා යැයි සැලකෙන ගිනිකඳු පිපීරීම් නිසාද ටෙක්ටයිට් උල්කාෂ්ම නිර්මාණය වූ බවට මත පල කෙරෙනවා.
- නොර්වේ මිශ්‍ර උල්කාෂ්මය
මෙම උල්කාෂ්මය තුල පෘටිවිය පාෂාණ මෙන්ම උල්කාෂ්මයේ කොටස් ද අඩංගු වෙනවා. මීට හේතුව උල්කාෂ්මය පෘටිවි පෘෂ්ඨය මත ගැටෙන විට ඇතිවන අධික උෂ්ණත්වය නිසා උල්කාෂ්මයේ මෙන්ම යාබද පෘටිවී පාෂාණ කොටස් ද ද්‍රව බවට පත් වීමයි. මෙම උෂ්ණත්වය කෙතරම්ද යත් මෙම උල්කාෂ්මය මත කාබන් ස්ඵටිකීකරණය වීම නිසා නිර්මාණය ක්ෂුද්‍ර දියමන්ති පවා දැක ගැනීමට පුළුවන්.
තාරකා විද්‍යා අධ්‍යන හා ගවේෂණ සංගමය මෙම උල්කාෂ්ම පිළිබද වැඩිදුර පරීක්ෂණ ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන අතර ඒ අනුව මෙම උල්කාෂ්ම මගින් තවත් රසබර තොරතුරු රැසක් හෙළි කරගන්නට හැකියාව ලැබෙනු ඇති.