නිල් අහසට අකමැති කෙනෙක් සොයා ගැනීමට අපහසුය. නමුත් අහසේ නිල් පැහැයට හේතුව ඔබ දන්නවාද? එය කොළ, කහ හෝ රෝස පාට නොවන්නේ ඇයි? මීට හේතුව පෘටිවිය වටා පිහිටා ඇති අංශු ස්ථරයයි. අපි එය වායුගෝලය ලෙස හඳුන්වමු.
පෘටිවී වායු ගෝලය අංශු බිලියන ගණනාවකින් යුක්ත වේ. මෙම අංශු මිනිස් ඇසින් දැකිය නොහැකි තරම් කුඩා නමුත් පෘටිවී ජීවය කෙරෙහි අතීශය වැදගත් වේ. වායුගෝලය මගින් ශ්වසනය සඳහා ඔක්සිජන් ලබාදීමත්, අන්තරීක්ෂ කිරණ වලින් ආරක්ෂාවත් රාත්‍රී කාලයේ උෂ්නත්වය ප්රශස්ත ලෙස පවත්වාගෙන යාමත් සිදු කරයි.
සුර්යාලෝකය වායුගෝලය තුලින් ගමන් ගන්නා විට බොහෝ වර්ණ අවහිරයකින් තොරව පෘටිවී පෘෂ්ඨය මතට පැමිණීම සිදුවේ. නමුත් නිල් ආලෝකය වායු අංශු මගින් සියලුම දිශා වලට විසුරුවා හැරීම නිසා අහස නිල් වර්ණයෙන් දිස්වේ. මෙය රැලේ විවර්තනය ලෙස හඳුන්වයි.
පසුගිය සතියේ LCOGT තාරකා විද්‍යාඥයින් විසින් රැලේ විවර්තනය බාහිර ග්‍රහලෝකයක් මත නිරීක්ෂණය කරන ලදී. ඔවුන් LCOGT ජාලයේ කුඩා මීටර එකේ දුරදක්නයක් මගින් මෙය සිදු කරන ලදී.
එය බාහිර ග්‍රහයකු මත නිල් අහසක් සොයා ගත් ප්‍රථම අවස්ථාවයි. (එම ග්‍රහයා පෘටිවිය මෙන් සිව්ගුනයක් හෙවත් නෙප්චුන් ග්‍රහයා තරම් විශාලත්වයෙන් යුක්තය) කුඩා දුරදක්න මගින්ද පිටසක්වල ලෝක වල වායුගෝලය අධ්‍යනය කල හැකි බව ඒ අනුව පෙනී යයි.
LCOGT මාධ්‍ය නිවේදන පදනම් කරගනිමින් රචිත මෙම ලිපිය නෙදර්ලන්තයේ ලීඩ්න් විශ්වවිද්‍යාලයේ UNAWE SPACE SCOOP වැඩසටහන වෙනුවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදී. මෙහි මුල් ලිපියට මෙම සබැඳියෙන් ද පරිවර්තිත ලිපියට මෙම සබැඳියෙන්ද පිවිසිය හැක.