තාරකා පිල්ලි සහ සෞර ග්‍රහ මණ්ඩලයේ ඉරණම

eso1544a

මෙම වසරේ හැලෝවීන් සැමරුම නිමා වෙමින් පැවතුනත් විශ්වයේ පවතින සැබවින්ම බිය විය යුතු තාරකා පිල්ලියක් ගැන කියන්නයි මේ සුදානම.

ඉහත සේයාරුවේ දකින්නට ලැබෙන්නේ මරණයෙන් පිබිදුන තරුවක්. ඒ වගේම එය සිටින්නේ කුසගින්නේ!

අපගේ සුර්යා වැනි තාරකා සිය ඉන්ධන සියල්ල වැය කිරීමෙන් අනතුරුව තම ජීවිතයේ අවසානය කරා ලඟා වනවා. අදාල තරුව ක්‍රමයෙන් ප්‍රසාරණය වීම හා පැහැය වඩාත් රතු පැහැයට හුරු වීම මගින් මෙය අපට බාහිරව නිරීක්ෂණය කල හැකියි.

ඉන්පසු ප්‍රසාරණය වූ තාරකාවේ බාහිර ස්ථර අභ්‍යවකාශයට විසිරී යනවා.

නමුත් වඩාත් උණුසුමින් යුක්ත තාරකාවේ සම්පින්ඩිත හරය තවදුරටත් පවතිනවා. එය සුදු වාමන තරුවක් ලෙස හඳුන්වනු ලබනවා. (එහි පැහැය හා ප්‍රමාණය සැලකීමෙන්)

එහිදී තරුව වටා පැවති ග්‍රහලෝක වලට කුමක් සිදුවේද? ඒවා උෂ්ණත්වය හමුවේ විනාශ නොවී පැවතුනොත් කුමක් සිදුවේද?

සුදු වාමන තරුවක් වටා පරිබ්‍රමණය වන ද්‍රව්‍යක් වඩාත් ආසන්නයට ගමන් කල හොත් සිදුවන්නේ කුමක්ද යන්න තාරක විද්‍යාඥයන් විසින් ප්‍රථම වරට නිරීක්ෂණය කර තිබෙනවා. එම ද්‍රව්‍ය වල ඉරණම නම් එතරම් ප්‍රියජනක නැහැ.

මියගිය තරුවකට ඉතා සමීපයෙන් ගමන් කල ඇස්ටරොයිඩයකට සිදුවී ඇත්තේ එම තාරකාවේ ආහාරයක් බවට පත් වන්නටයි.

ඉහත සේයාරුවේ වලයාකාර ලෙස තාරකාව වටා ඉතිරිව ඇත්තේ සුනුවිසුණු වී ගිය අස්ටරොයිඩයේ ඉතිරි කොටස්. නමුත් සෙනසුරුට සමාන මෙම වළලු ඉතා අලංකාර ලෙස දිස් වනවා. ඇතැම් විට නව පෙනුමට ඇස්ටරොයිඩය කැමති වීමටත් ඉඩ තිබෙනවා.

ඔබේ දැනුමට

මෙම නිරීක්ෂණය තුලින් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉරණම ගැනත් ඉඟි ලබා දෙනවා. නමුත් වාසනාවකට මෙන් දිවි ගලවා ගැනීම සැලසුම් කරගැනීමට අපට වසර බිලියන හතක පමණ කාලයක් ඉතිරිව පවතිනවා.

දක්ෂිණ යුරෝපිය අභාවකාශ නිරීක්ෂණාගාරයේ (ESO) මාධ්‍ය  නිවේදන පදනම් කරගනිමින් රචිත මෙම ලිපිය නෙදර්ලන්තයේ ලීඩ්න් විශ්වවිද්‍යාලයේ UNAWE SPACE SCOOP වැඩසටහන වෙනුවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදී. මෙහි මුල් ලිපියට මෙම සබැඳියෙන් ද පරිවර්තිත ලිපියට මෙම සබැඳියෙන් ද පිවිසිය හැක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )