සිදු නොවන පිටසක්වල ආක්‍රමණය

TypeIII_civilization

නුතන තාරකා විද්‍යාව ඉතා දියුණු මට්ටමක පැවතුනද එයට තවමත් පෘතුවියෙන් පරිබාහිර ශිෂ්ඨාචාර සමග සම්බන්ධතා පැවත්වීමට හැකියාවක් ලැබී නැත. අවම වශයෙන් පිටසක්වල ජීවයක් පවතීද යන්න පවා තහවුරු කර ගත නොහැකි කරුණකි. නමුත් අපේ ශිෂ්ඨාචාරය හා විශ්වය පිළිබඳව අප දන්නා තොරතුරු වලට අනුව ඒ ගැන බුද්ධිමත් අනුමාන කිරීම් සිදු කල හැකිව පවතී.

හැටේ දශකයේදී එක්තරා විද්‍යාඥයකු විසින් පෘටිවියෙන් පරිබාහිර දියුණු පිටසක්වල ශිෂ්ඨාචාරයක් පිළිබද අදහසක් පලකරන ලදී. ඒ අනුව පරිහෝජනය කරනු ලබන ශක්ති ප්‍රමාණය අනුව පිටසක්වල ශිෂ්ඨාචාර වර්ගීකරණයට ලක් කරන ලදී.

එම වර්ගීකරණය එකේ සිට තුන දක්වා වන පරිමාණයකින් යුක්ත විය. මෙහි පළමු වර්ගයේ ශිෂ්ඨාචාර පෘටිවීයට තරමක්දුරට සමාන වනු ඇත. ඒවා තම ග්‍රහලොව තුලම පවතින කාලගුණය, භූ කම්පන, ගිනිකඳු වැනි සියලුම ශක්ති ප්‍රභව වල ශක්තිය ලබා ගන්නා අතර සාගර තුල පවා ඇති අවකාශය ප්‍රයෝජනයට ගෙන නගර නිර්මාණය කරනු ලබනවා ඇති.

මීළඟ වර්ගය වන්නේ තම සුර්යා මගින් නිකුත් කරන මුළු ශක්තියම ප්‍රයෝජනයට ගන්නා  ශිෂ්ඨාචාරයි. මෙම ශක්තිය සුපිරි පරිගණක හා අභ්‍යවකාශ ගවේෂණ සඳහා ඉන්ධන ලෙස භාවිතා කරනු ලබනවා ඇත.

තෙවන වර්ගය වන්නේ සුපිරි ශිෂ්ඨාචාරයි. මෙම වර්ගයේ ශිෂ්ඨාචාර තාක්ෂණික ලෙස කෙතරම් දියුණුදයත් තම සුර්යයා ගෙන් පමණක් නොව මුලු මන්දාකිනියේම ඇති තාරකා වලින් ශක්තිය ලබා ගන්නවා ඇත. තරු බිලියන ගණනක ශක්තිය යොදා ගනිමින් මුලු මන්දාකිනියම ජනාවාස කරනු ඇත.

බාහිර නිරීක්ෂකයකුට තුන්වන වර්ගයේ  ශිෂ්ඨාචාරයක් සම්පුර්ණයෙන්ම අදෘශ්‍යමාන වන අතර ඔහුට නිරීක්ෂණය කිරීමට හැකි වනු ඇත්තේ තාපය පමණක් වනු ඇති.

ක්ෂීරපථයට ආසන්නයේ පිහිටා ඇති මන්දාකිනි සියල්ල දීප්තිමත්ව පවතින නිසා තුන්වන වර්ගයේ  ශිෂ්ඨාචාර අපට ආසන්නයේ පිහිටා නොමැති බව නවතම මතයයි. නමුත් පළමු හා දෙවන වර්ගයේ පිටසක්වළ ශිෂ්ඨාචාර නම් ඇතැම් විට සොයාගැනීමට හැකි වනු ඇති…

ඔබේ දැනුමට

පොසිල ඉන්ධන, ජල විදුලිය  වැනි බලශක්ති ප්‍රහව අප පරිභෝජනය කලද එම ප්‍රහව වලින් නිපදවිය හැකි සම්පුර්ණ බලශක්තියම අප පරිභෝජනයට නොගන්නා නිසා මෙම පරිමාණයේ අප සිටින්නේ බින්දුවේය. තාක්ෂණික දියුණුවේ වේගය හා ජනගහන වර්ධනය නිසා තව වසර සිය ගණනකට පසු අපහට පළමු වර්ගයේ ශිෂ්ඨාචාරයක් බවට පත්වීමට හැකියාව ලැබෙනු ඇත.

නෙදර්ලන්ත ගුවන්විදුලි තාරකා විද්‍යා ආයතනයේ (ASTRON) මාධ්‍ය  නිවේදන පදනම් කරගනිමින් රචිත මෙම ලිපිය නෙදර්ලන්තයේ ලීඩ්න් විශ්වවිද්‍යාලයේ UNAWE SPACE SCOOP වැඩසටහන වෙනුවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදී. මෙහි මුල් ලිපියට මෙම සබැඳියෙන් ද පරිවර්තිත ලිපියට මෙම සබැඳියෙන් ද පිවිසිය හැක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )