ගුවන්විදුලි ෆීනික්ස් පක්ෂියා ගේ පිබිදීම

a1033

ඔබ ෆීනික්ස් පක්ෂියා ගේ කතාන්දරය අසා තිබේද? ෆීනික්ස් යනු සුරංගනා කතා වල කියවෙන වසර සිය ගණනක් තිස්සේ ජීවත් වන ස්වර්ණමය පක්ෂියෙකි. ඌ වයස්ගත වන විට ගිනිබත් වී සිය අළු වලින් යලි නැගී සිටී.

ෆීනික්ස් පක්ෂියා ගේ වැනි සුරංගනා කතා සත්‍ය වීම නිතර සිදුවන්නක් නොවේ. නමුත් විශ්වයේ විශ්මිත දේ ගවේෂණය කරන තාරකා විද්‍යාඥයන් හට ෆීනික්ස් පක්ෂියා මෙන් විශ්වයේ අක්‍රීයව පැවති ප්‍රදේශයක් යලි සක්‍රිය වන ආකාරය නිරීක්ෂණය කිරීමට හැකි වී තිබේ.

මෙහි සත්‍ය කතාව ඇරඹෙන්නේ වසර බිලියනයකට පමණ පෙර ඉතා දුරින් පිහිටා තිබුනසුපිරි කාල කුහරයක් පුපුරා යාමත් සමගයි. එයින් ඇරඹුණු සුවිසල් අධි ශක්ති අංශු ධාරා ආලෝක වර්ෂ සිය දහස් ගණන් දුර පැතිරී ගොස් දීප්තිමත්ව බබලන වලාකුලක් නිර්මාණය විය.

වසර මිලියන කීපයක් තිස්සේ මෙම වලාකුළ දීප්තිමත්ව, අපේ ඇස සංවේදී නොවන ගුවන් විදුලි ආලෝකය විශ්වය සිසාරා නිකුත් කරමින් පැවතින. අවසානයේ එම වළාකුලේ ශක්තිය හීන වී ගොස් ක්‍රමයෙන් එය අඳුරු වී ගියේය.

.. නමුත් කතාව නිමා වන්නේ නැත.

වසර ගණනාවකට පසු එම වායු වලාකුලට නුදුරින් මන්දාකිනි යුගලයක් ප්‍රචණ්ඩ ලෙස එකිනෙක හා ගැටුණි.

එම ඝට්ටනය නිසා නිකුත් වූ කම්පන තරංගය කෙතරම් බලවත් ද යත් එම ශක්තිය නිසා වායු වලාකුළ නැවත වතාවක් බැබලීම ඇරඹුණි. ගුවන්විදුලි ෆීනික්ස් පක්ෂියා නැවත ඉපදුනි.

නැවත ඉපදුන ගුවන්විදුලි ෆීනික්ස් පක්ෂියා ගේ සේයාරුවක් ඉහත දැක්වේ. රුපයේ මැදට තරමක් පහලින් ඇති කොළ පැහැති දඟරාකාර රේඛාවක් ලෙස දිස්වන්නේ එම දීප්තිමත් වායු වලාකුලයි.

ඔබේ දැනුමට

බොහොමයක් අභ්‍යවකාශ වස්තු ගුවන්විදුලි තරංග විමෝචනය කලත් ඒ ගැන මුලින්ම සොයා ගත්තේ 1932 වර්ෂයේ දීය.

චන්ද්‍රා එක්ස් කිරණ නිරීක්ෂණාගාරයේ මාධ්‍ය  නිවේදන පදනම් කරගනිමින් රචිත මෙම ලිපිය නෙදර්ලන්තයේ ලීඩ්න් විශ්වවිද්‍යාලයේ UNAWE SPACE SCOOP වැඩසටහන වෙනුවෙන්  සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදී. මෙහි මුල් ලිපියට මෙම සබැඳියෙන් ද පරිවර්තිත ලිපියට මෙම සබැඳියෙන් ද පිවිසිය හැක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )