සුර්ය රැස් වළලු වල අභිරහස

sun

විශ්වය පිළිබද අප සතු දනුම් සම්භාරය අනුව එහි තවදුරටත් සැඟවුන අභිරහස් පවතීද යන්න විශ්වාස කිරීමට අපහසු කරුණක්. නමුත් නොවිසදුන රහස් රැසක් තවමත් විශ්වයේ පවතිනවා. තාරකා විද්‍යාවේ ප්‍රධානතම අහිරහසක්‌ ලෙස අපට යාබදව පිහිටා තිබෙන සුර්යා හැඳින්විය හැකියි.

පෘටිවිය විශාල ශිලා ගෝලයක් ලෙස හඳුන්වන්නට නොහැකිවාක් මෙන් සුර්යාද විශාල ගිනි බෝලයක් විදිහට හඳුන්වන්නට නොහැකියි. පෘටිවිය මත කඳු පිහිටා ඇති ආකාරයට සුර්යා මතුපිටත් විවිධ සුවිශේෂී ලක්ෂණ ගණනාවකින් දකින්නට ලැබෙනවා. පෘටිවියට මෙන්ම සුර්යාටත් වායු ගෝලයක් පිහිටා ඇති අතර එය සුර්ය කොරෝනාව ලෙස හඳුන්වනවා.

තාරකා විද්‍යාවේ විශාලතම අභිරහසක් මෙම සුර්ය කොරෝනාවේ ගැබ්වී පවතිනවා. මෙය වඩාත් පැහැදිලි කර ගැනීමට හිතන්න ගිනි දළුවක් අයිස් කුට්ටියකින් පිටතට එන අයුරු. සුර්යා මතුපිටත් සිදු වන්නේ ඊට සමාන ක්‍රියාවලියක්.

සුර්යා මධ්‍යයේ සිදුවන න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියා මගින් එහි හරය අංශක මිලියන 15 ට පමණ ඉහල උෂ්ණත්වයකට රත් කීරීම සිදු වෙනවා. නමුත් මෙම උෂ්ණත්වය සුර්යා මතුපිටට පැමිණෙන විට අංශක 6000 ට පමණ සිසිල් වෙනවා. නමුත් සුර්ය කොරෝනාවේ උෂ්ණත්වය නැවතත් අංශක මිලියනය දක්වා ඉහල යනවා.

මෙම බලාපොරොත්තු රහිත උෂ්ණත්වය ඉහල යාම වසර 70 පමණ සිට විද්‍යාඥයන් ගේ මවිතයට හේතු වී පැවතුනා. නමුත් මීට විසදුමක් ලබා දීමට තාරකා විද්‍යාඥයන් පියවරක් තබා තිබෙනවා.

ඔබගේ ශීතකරණයේ අලවන කාන්දම් සහ පෘටිවිය සතු චුම්භක ක්ශේත්‍රය මෙන්ම සුර්යා සතුවද  චුම්භක ක්ශේත්‍රයක් පවතින බව තාරකා විද්‍යාඥයන් දැන සිටී කාරණයක්. එයත් මෙම අභිරහසේ භූමිකාවක් රඟ දක්වනවා. නමුත් ඇති විශාලතම ගැටළුව චුම්භක ක්ශේත්‍රයක් මගින් උෂ්ණත්වය ඉහල යන්නේ කෙසේද? යන්නයි.

“තරංග” යනු මීට දිය හැකි එක් විසඳුමක්. සුර්ය චුම්බක ක්ශේත්‍රයේ තරංග ඉහල යන අයුරු විද්‍යාඥයන් මෑතකදී නිරීක්ෂණය කර තිබෙනවා. මෙම තරංග මගින් නිසි කාල ප්‍රාන්තරයකදී ලබා දෙන තල්ලුවක් නිසා ඉහල යන ඔන්චිල්ලාවක් මෙන් සුර්ය කොරෝනාවට ශක්තිය එක් කරනු ලබනවා.

ඔබේ දැනුමට

අපිට සුර්ය කොරෝනාව දිස් වන්නේ හිරු මෙන් බිලියන ප්‍රමාණයකටත් අඩු දීප්තියකින්. එම නිසා අපිට එය දැකගත හැක්කේ සූර්යග්‍රහණයකදී පමණයි. එහිදී සුර්යා වටා පවතින රජතමය රැස් වළල්ලක් ලෙස එය දැකිය හැකියි.

ජපානයේ ජාතික අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ (NAOJ) මාධ්‍ය  නිවේදන පදනම් කරගනිමින් රචිත මෙම ලිපිය නෙදර්ලන්තයේ ලීඩ්න් විශ්වවිද්‍යාලයේ UNAWE SPACE SCOOP වැඩසටහන වෙනුවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදී. මෙහි මුල් ලිපියට මෙම සබැඳියෙන් ද පරිවර්තිත ලිපියට මෙම සබැඳියෙන් ද පිවිසිය හැක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )