දකුණු අහසේ අවතාරය

eso1532a

මෙම අභ්‍යවකාශ සේයාරුවේ දැක්වෙන අලංකාර ආලෝක බුබුල අඳුරු අවකාශයේ සැරිසරන තාරකා  අවතාරයකි. තාරකා සිය අවසන් මොහොත එළඹුන පසුව අවතාර බවට පත් වන බව ඔබ දැන සිටියාද?

අපගේ සුර්යාට සමාන තාරකාවක් ලෙස පැවතුන මෙම වස්තුව දැන් තාරකා අවතාරයක් බවට පත් වී තිබේ. තාරකා අවතාර ග්‍රහ නිහාරිකා ලෙස හඳුන්වන  අතර තාරකාවක් මියගිය පසු ඉතිරි වන ද්‍රව්‍ය වලින් නිර්මාණය වේ.

කුඩා දුරදක්නයකින් නිරීක්ෂණය කලවිට බකමුනකුට සමාන හැඩයකින් යුක්ත නිසා මේ දීප්තිමත් නිහරිකාව දකුණු බකමුනා යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වයි! (විශ්වාස කලත් නැතත්)

මියයන තාරකාවන්ගේ බාහිර වායු තීරයන් වල පාලනය ගිලිහි ඒවා අභ්‍යවකාශයට පාවී යාම නිසා ග්‍රහ නිහාරිකා නිර්මාණය වේ. පෙනුමින් ඉතා අලංකාර නමුත් කෙටි කලක් පවතින අභ්‍යවකාශ වස්තුන් විශේෂයක් ලෙස ග්‍රහ නිහාරිකා හැඳින්විය හැක. වසර බිලියන ගණනක ආයු කාලයක් තාරකාවකට පැවතියද එයින් නිර්මාණය වන ග්‍රහ නිහාරිකාවක් පවතින්නේ වසර දහස් ගණනක් පමණි !

මෙම අභ්‍යවකාශය අවතාර මගින් විශ්වයට ඉටු කරන වැදගත් මෙහෙයක් වන්නේ අන්තරීක්ෂ දුවීලි නිර්මාණය කිරීමයි. කාබන්, ඔක්සිජන් වැනි වැදගත් මුලද්‍රව්‍ය අන්තරීක්ෂ දුවීලි වල අඩංගු වේ. මේවා තාරකා අභ්‍යන්තරයේ පමණක් නිපදවෙන අතර මෙම මුලද්‍රව්‍ය රහිතව පෘටිවියේ ජීවයක් බිහි නොවනු ඇත.

තරුවක් මියගිය පසු මෙම මුලද්‍රව්‍ය විශ්වයට මුදා හැරෙන අතර ඒවායින් නව තාරකා හෝ ග්‍රහලෝක පමණක් නොව අප වැනි ජීවින් පවා නිර්මාණය වේ. “අපි තාරකාමය ද්‍රව්‍ය වලින් නිර්මාණය වී ඇත්තෙමු” ලෙස ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥ කාල් සාගන්ද වරක් ප්‍රකාශ කර ඇත්තේ ඒ නිසාය.

ඔබේ දැනුමට

දකුණු බකමුනා නිහාරිකාව අපේ සුර්යා ගේ ප්‍රමාණයට සමාන තාරකාවකින් බිහිවුවද එය මේ වන විට අපේ සෞර ග්‍රහ මණ්ඩලය මෙන් සිවු ගුණයකට ආසන්න ප්‍රමාණයකට විශාල වී ඇත!

දක්ෂිණ යුරෝපිය අභාවකාශ නිරීක්ෂණාගාරයේ (ESO) මාධ්‍ය  නිවේදන පදනම් කරගනිමින් රචිත මෙම ලිපිය නෙදර්ලන්තයේ ලීඩ්න් විශ්වවිද්‍යාලයේ UNAWE SPACE SCOOP වැඩසටහන වෙනුවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදී. මෙහි මුල් ලිපියට මෙම සබැඳියෙන් ද පරිවර්තිත ලිපියට මෙම සබැඳියෙන් ද පිවිසිය හැක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )