මීදුම විනිවිද ආදී කාලීන මන්දාකිනි සොයා යන ALMA දුරදක්නය

eso1530b

හිරු උදාවට පෙර අවදි වූ දිනක පරිසරයේ දැකිය හැකි මීදුම, හිරු උදාවත් සමග අතුරුදහන් වන අයුරු ඔබ නිරීක්ෂණය කර තිබේද? ඊට බෙහෙවින් සමාන සංසිද්ධියක් විශ්වයේ ආරම්භක අවදියේදී ද සිදුවී ඇත.

විශ්වයේ ප්‍රථම තාරකා හා මන්දාකිනි ඇතිවීමට ප්‍රථම එය පිරී පැවතී තිබුනේ හයිඩ්‍රජන් වායුවෙන් සමන්විතවූ මීදුමකිනි. නමුත් විශ්වයේ හටගත් මුල්ම මන්දාකිනි වල පැවති යෝධ තාරකා මගින් ප්‍රබල ලෙස UV හෙවත් පාරජම්බුල කිරණ විමෝචනය විය. (හිරු එළියෙන් ඇති UV කිරණ මගින් පිළිස්සීම් ඇතිවේ). උදැසන හිරුට සමානව මෙම ප්‍රබල UV ආලෝකය හේතුවෙන් එම මීදුම පහවී ගියේය.

මෙය විශ්වය පිළිබද අප දැනටමත් දන්නා කාරණයකි. නමුත් මුල්ම මන්දාකිනි ගැන අප දන්නේ ඉතා අල්ප වශයෙනි. මේ වන තෙක් ඒවා දුරදක්න මගින් දැක ගත හැකි වුයේ අපැහැදිලි ගෝලාකාර වස්තුන් ලෙසයි. නමුත් ප්‍රබල ALMA දුරේක්ෂය මගින් ඉහත සේයාරුවේ දැක්වෙන පරිදි එම තත්වය වෙනස් කිරීම අරඹා ඇත.

ALMA දුරේක්ෂය මගින් මන්දාකිනි වල මෙතෙක් නොදුටු අකාරයේ තීව්‍ර සේයාරු ලබා ගෙන තිබේ. ඉහත සේයාරුවේ මධ්‍යයේ තැඹිලි පැහැයෙන් දිස්වන්නේ විශ්වයේ ආරම්භක අවධියේ පැවති අන්තරීක්ෂ වායු වලාකුලක්, විශ්වයේ ප්‍රථම මන්දාකිණියක් බවට පත්වන ආකාරයයි.

මුල්ම මන්දාකිනි හටගත් ආකාරය පිළිබද අධ්‍යනය කිරීමට තාරකා විද්‍යාඥයන් හට මෙබඳු නිරීක්ෂණ උපකාරී වේ. (තාරකා විද්‍යාඥයන් අතීතය දකින්නේ කෙසේදැයි යන්න දැන ගැනීමට මෙම සබැදිය යොදා ගන්න)

ඔබේ දැනුමට

මෙම සේයාරුවේ දකින්නට ලැබෙන ගෝලාකාරමය වස්තුන් විශ්වයේ පැවතී ඇත්තේ මීට වසර බිලියන 13කට පෙරයි!

දක්ෂිණ යුරෝපිය අභාවකාශ නිරීක්ෂණාගාරයේ (ESO) මාධ්‍ය  නිවේදන පදනම් කරගනිමින් රචිත මෙම ලිපිය නෙදර්ලන්තයේ ලීඩ්න් විශ්වවිද්‍යාලයේ UNAWE SPACE SCOOP වැඩසටහන වෙනුවෙන්  සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදී. මෙහි මුල් ලිපියට මෙම සබැඳියෙන් ද පරිවර්තිත ලිපියට මෙම සබැඳියෙන් ද පිවිසිය හැක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )