වෙන්වී යන තරු පොකුරු

eso1526a

තාරකා විශාල සංඛ්‍යාවක් එක් වී මන්දාකිනි නිර්මාණය වේ. මන්දාකිණි තුල තාරකා බිලියන සංඛ්‍යාවක් පවතින අතර ඊට අමතරව අන්තරීක්ෂ දුවිලි හා වෙනත් ද්‍රව්‍ය රැසක් ද අඩංගු වේ.

තාරකා එක්වී මන්දාකිණියක්  නිර්මාණය වන්නේ කිලිටු රෙදි ගොඩ ගැසූ රෙදි පොට්ටනියක් සෑදෙන ආකාරයට නම් නොවේ. මන්දාකිනි නිශ්චිත හැඩයක් හා පිළිවෙලකට සැකසෙන්නේ මනා පිළිවෙලකට නමා තැන්පත් කල ඇඳුම් තොගයක් පරිද්දෙනි.

අප ජීවත් වන ක්ෂිරපථ මන්දාකිනිය සර්පිලාකාර හැඩයක් ගනී. සර්පිලාකාර මන්දාකිනි වල හැඩය CD තැටියක හැඩයට සමාන වේ. නමුත් මධ්‍යයේ සිදුරක් වෙනුවට ඇත්තේ විශාල නෙරුමකි. (බොහෝ විට මෙම නෙරුම තුල සුපිරි යෝධ කළු කුහරයක් සැඟවී තිබීමට ඉඩ ඇත.)

නළඟනක් වටා ලෙලදෙන සළුවක් මෙන් සර්පිලාකාර මන්දාකිනියේ මධ්‍ය වටා විශාල බාහු පිහිටා ඇත. මේ සියල්ල වටා රැස් වළල්ලක් මෙන් වයස්ගත තාරකා සහ වෙනත් පදාර්ථ අදෘශ්‍යමාන ලෙස විසිරි පවතී.

විවෘත තරු පොකුරක යොවුන් තාරකා පංතියක් පෙන්නුම් කරන මෙම සේයාරුව විශාල දුරදක්නයක් මගින් ලබා ගත්තකි. සර්පිලමන්දාකිනි වල බාහු තුල විවෘත තරු පොකුරු සාමාන්‍යයෙන් දක්නට ලැබේ. එහි පවතින අන්තරීක්ෂ වායු වර්ග, තාරකා නිර්මාණය වන මුලික අමුද්‍රව්‍ය ලෙස ක්‍රියා කරයි.

වෙනත් තරු පංති මෙන් නොව, විවෘත තරු පොකුරු වල තාරකා වසර මිලියන ගණනක කාලයක් තුල සෙමින් සෙමින් ඉවතට ගමන් කරයි. අපේ සුර්යා ද ඉතා ඈත අතීතයේ මෙම ආකාරයේ විවෘත තරු පොකුරක සහෝදර තාරකා රැසක් සමග උපත ලබා  අද පිහිටි ස්ථානය තෙක් පැමිණ තිබෙනවා වෙන්නට පුළුවන්.

දක්ෂිණ යුරෝපිය අභාවකාශ නිරීක්ෂණාගාරයේ (ESO) මාධ්‍ය  නිවේදන පදනම් කරගනිමින් රචිත මෙම ලිපිය නෙදර්ලන්තයේ ලීඩ්න් විශ්වවිද්‍යාලයේ UNAWE SPACE SCOOP වැඩසටහන සඳහා සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදී. මෙහි මුල් ලිපියට මෙම සබැඳියෙන් ද පරිවර්තිත ලිපියට මෙම සබැඳියෙන් ද පිවිසිය හැක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )