විශ්වයේ නිර්මාණය වූ මුල්ම තාරකා

eso1524a

ඉතාමත් දීප්තිමත් හා අති දැවැන්ත සිදුවීමක් ලෙස සැලකෙන මහා පිපිරුම මගින් විශ්වයේ ආරම්භය සිදු විය. නමුත් විශ්වයේ ඇරඹුම පිලිබදව තේරුම් ගැනීමට නොහැකි වූ කරුණු රැසක් පවතී.

විශ්වයේ ආරම්භයෙන් බොහෝ කාලයක් යනතුරු එය නිහඩ අඳුරු සහ හිස් අවකාශයක් ලෙස පැවතුනා. විශ්වයේ මුල්ම තාරකා බිහිවීම සිදු වන්නේ මහපිපුරුමෙන් වසර මිලියන සියයකට පසුවයි. එම කාලය වනතෙක් විශ්වයේ පැවතුනේ වායු වර්ග පමණයි.

විශ්වයේ මුලින්ම හටගත් තාරකා කිසිවක් අද වනවිට දකින්නට නැහැ. ඒවා මීට බොහෝ කාලයකට පෙර විනාශ වී ගොස් ඇතත් විද්‍යාඥයන් ගේ මතය වන්නේ මෙම මුල්ම තාරකා මහපිපුරුම සමග හටගත් පදාර්ථ වලින් නිර්මාණය වන්නට ඇති බවයි.

තාරකා ඇති වීමට පෙර විශ්වයේ මුලද්‍රව්‍ය ලෙස පැවතුනේ හයිඩ්‍රජන්, හීලියම්, සහ ලිතියම් පමණයි. ඒ අනුව මුල්ම තරු මෙම මුලද්‍රව්‍ය වලින් නිර්මාණය වී පවතින්නට ඇතැයි විශ්වාස කරනවා. මෙය සුර්යා ඇතුළුව අපේ මන්දාකිනිය තුල ඇති සියලු තරු වල සංයුතියට වඩා වෙනස් තත්වයක්.

ආලෝකයට පවතින කාල තරණය කිරීමේ හැකියාව නිසා විශ්වයේ මුල්ම තාරකා දැක ගැනීමට තාරකා විද්‍යාඥයන් විසින් ඈත විශ්වය නීරීක්ෂණයේ යෙදෙනවා. ඒ අනුව අතිශය දීප්තිමත් යොවුන් මන්දාකිනි රැසක් සොයා ගැනීමට සමත් වී සිටිනවා.

CR 7 යනු ඒ අනුව සොයා ගත් ආදී කාළීන විශ්වයට අයත් දීප්තිමත්ම මන්දාකිනියයි. මෙහි ඇති සේයාරුව එම මන්දාකිනිය සිත්තරකු දකින ආකාරයයි. එහි මුතු කැට මෙන් බබළන්නේ විශ්වයේ මුලින්ම නිර්මාණය වූ තාරකා ආලෝකයයි.

අපිව නිර්මාණය කිරීමට දායක වී ඇති බැර අංශු නිපදවා විශ්වයට මුදා හැර තිබෙන්නේත් මෙම මුල් තාරකා වලින්.විශ්වයේ මුලින්ම නිර්මාණය වූ තාරකා අපගේ සුර්යා මෙන් සිය දහස් ගුණයක ඉතා දැවැන්ත විශාලත්වයෙන් යුක්ත වී තිබෙනවා.

දක්ෂිණ යුරෝපිය අභාවකාශ නිරීක්ෂණාගාරයේ (ESO) මාධ්‍ය  නිවේදන පදනම් කරගනිමින් රචිත මෙම ලිපිය නෙදර්ලන්තයේ ලීඩ්න් විශ්වවිද්‍යාලයේ UNAWE SPACE SCOOP වැඩසටහන සඳහා සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදී. මෙහි මුල් ලිපියට මෙම සබැඳියෙන් ද පරිවර්තිත ලිපියට මෙම සබැඳියෙන් ද පිවිසිය හැක.

4 thoughts on “විශ්වයේ නිර්මාණය වූ මුල්ම තාරකා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )